May 19, 2024

ඔන්ලයින් ඕෆ්ලයින් වීම නිසා පාසල් දරුවනුත් දැන් කාර්යභාරයක් නැති පුරවැසියෝ

පාසල් දරු දැරියන්ට ඔන්ලයින් අධ්‍යාපනය නතර කොට අදට (16) දින පහක්.

එනිසා ගෙවුනු සතිය පුරාවටම දරු දැරියන්ට අධ්‍යාපන කටයුතුවලින් බැහැරව සිටීමට සිදු වුණේ.

කොතලාවල ආරක්ෂක පීඨ පනත මුල්කොටගෙන උද්ඝෝෂණයකදී වෘත්තිය සමිති නායකයින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීමෙන් පසු බලහත්කාරයෙන් නිරෝධායනයට ගෙනයෑම මුල් කොටගෙන ගුරුවරුන් ඔන්ලයින් අධ්‍යාපනය ලබා දීමෙන් ඉවත් වුණා.

ඒ පසුගිය 12 වැනි සදුදා සිටයි.

ආණ්ඩුවට නම් පාඩුවක් නැහැ

ආණ්ඩුව වෙනුවෙන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා සඳහන් කළේ ඔන්ලයින් ගුරුවරුන් අධ්‍යාපනය නතර කිරීමෙන් පාඩුව සිදුවන්නේ ආණ්ඩුවට නොව පාසැල් දරු දැරියන්ට බවයි.

රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මෙන්ම රාජ්‍ය අමාත්‍යවරයෙකු වන දිලුම් අමුණුගම යන ආණ්ඩු පක්ෂ නියෝජිතයින්ද ඔන්ලයින් වර්ජනයට හාස්‍ය ජනක සහ අපහාසාත්මක ප්‍රතිචාර දක්වන්නට ගොස් සමාජයේ දැඩි විරෝධතාවන්ට මුහුණ දී සිටිනවා.

ඔන්ලයින් යළිත් ආරම්භ කරන්නටනම්

උද්ඝෝෂණය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කළ පිරිස බලහත්කාරයෙන් කරන නිරෝධායනයෙන් නිදහස් කරන තුරු ඔන්ලයින් අධ්‍යාපනය ආරම්භ නොකරන බවයි ගුරු සංගම් තරයේම ප්‍රකාශ කර සිටින්නේ.

නතරකර දමා තිබෙන  ඔන්ලයින් අධ්‍යාපනය යළිත්  ආරම්භ කරන දිනයක්ද තවම ගුරු සංගම් ප්‍රකාශයට පත් කොට නැහැ.

Rate this item
(0 votes)
Last modified on Friday, 16 July 2021 11:48