මේ වන විට එන්නත් කොවඩ් මර්දන එන්නත් කරන වැඩපිළිවෙළ වේගයක් කොටයි තිබෙන්නේ.
එහි එක් පියවරක් ලෙස වයස අවුරුදු 20 ට වැඩි තරුණ පිරිස මේ වන විට එන්නත් කරනවා.
මීළඟ කාණ්ඩය
ඒ සමගම ඉතා නුදුරේම පාසැල් දරු දැරියන් එන්නත් කිරීම ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ එන්නත් කරන අංශය තීරණයක් අරගෙන.
ඒ අනුව මුලින්ම 7 වැනි ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් දරු දැරියන් එන්නත්කරණය කිරීම ආරම්භ කිරීමට නියමිතයි.
ලක්ෂ විස්සකට එන්නත
එම වැඩසටහන යටතේ ලක්ෂ 43ක් වන පාසැල් දරු දැරියන් අතරින් ලක්ෂ 20කට එන්නත් ලබාදීමට නියමිත බවයි කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරන්නේ.
මේ වන විට ගුරුවරුන් එන්නත් කර අවසන් බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.