May 04, 2024

රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාරකම් කළ දැරිය මිය යයි Featured

සමගි ජන බලවේග පාර්ලිමේන්තු  මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී හදිසි ගිනි ගැනීමකට හසු වූ බාලවයස්කාර දැරිය මිය ගොස් තිබෙනවා.

පසුගිය 03 වැනිදා රිෂාඩ් බදියුදීන් මහතාගේ අංක 410/16, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ලිපිනයේ තිබෙන නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි දැරියක් සිරුරට ගිනි ඇවිලිමෙන් අනතුරුව බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබුණා.

මෙලෙස සති දෙකට ආසන්න කාලයක් අසාධ්‍ය තත්ත්වයේ සිටි දැරිය ඊයේ (15) දිනයේ දී මිය ගිය බවට බොරැල්ල පොලීසිය විසින් පවසා සිටියා.

ඊයේ (15) දිනයේ දී මෙම මිය ගිය දැරියගේ බැලීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය විසින් කොළඹ ජාතික රෝහලේ 73 වාට්ටුවේ දැඩි සත්කාර ඒකකය වෙත ගොස් තිබුණා.

මිය ගිය දැරිය බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය විසින් සිදුවීම වූ රිෂාඩ් බදියුදීන් මහතාට අයත් නිවස වෙතද ගොස් තිබෙනවා.

මෙහිදී බොරුල්ල පොලීසිය විසින් දැරියගේ දේහය සම්බන්ධව පශ්චාත් මරණ පරික්ෂණයක් කිරීමට අධිකරණයෙන් අවසර ඉල්ලා තිබූ අතර එහිදී මහේස්ත්‍රාත්වරිය විසින් අධිකරණ වෛද්‍යවරයාට පවසා තිබුණේ පශ්චාත් මරණ පරික්ෂණයක් පවත්වා අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කරන ලෙසයි.

මෙලෙස මිය ගොස් තිබුණේ ඩයගම බරහිර 3 කොටසෙහි පදිංචි ඉෂාලිනී ජූඩ් කුමාර් නමැති 16 හැවිරිදි බාලවයස්කාර දැරියක්.

Rate this item
(1 Vote)