May 02, 2024

මේක පලිගැනීමක්: මම වැරදි නං එල්ලලා මරන්න, නැතිනම් නඩු පවරන්න - රිෂාඩ් බදුදීන් ( VIDEO )

තමා වැරැද්දක් කොට තිබෙනවා නම් එල්ලා මරණ ලෙසත් එසේ නැතිනම් තමාට විරුද්ධව නඩු පවරන ලෙස රිෂාඩ් බදුදීන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පාර්ශවයෙන් ඉල්ලීමක් කරන ලදි.

තමා පාස්කු ඉරුදින ප්‍රහාරයට කිසිදු සම්බන්ධයක් නොමැති නිර්දෝෂි පුද්ගලයකු බව වත්මන් පොලිස්පතිවරයා මීට පෙර ලිඛිතවම පාර්ලිමේන්තුවට දැනුම්දී තිබෙන බව රිෂාඩ් බදුදීන් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

පාස්කු ඉරුදින ප්‍රහාරය සෙවීම සම්බන්ධයෙන් පත්කොට තිබෙන විශේෂ ජනපති කොමිසමෙන්වත් හෝ ඊට පෙර පාස්කු ඉරුදින ප්‍රහාරය සෙවිමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් තේරීම්කාරක සභා කමිටුවෙන්වත් තමා චූදිතයෙකු ලෙස නම් නොකළ බවත් මන්ත්‍රීවරයා අවධානය කරයි.

තමා විපක්ෂයේ මන්ත්‍රීවරයකු හේතුකොටගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ගෙන් පළි ගැනීමක් කරන බව සදහන් කරන මන්ත්‍රීවරයා තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයාගෙන් අනුමැතියක් ලැබී නොමැති බවද පෙන්වා දෙයි.

වසර විස්සක් පාර්ලිමේන්තුව නියෝජනය කළ තමන් තනි පුද්ගලයකු නොව සුළු ජාතික ජනතා නායකයකු බව පෙන්වා දෙන බදුදීන් මහතා කිසිදු හේතු දැක්වීමකින් තොරව අපරාධ විමර්ශන විමර්ෂන දෙපාර්තමේන්තු නිලධාරීන් තමන්ව පාන්දර තුනට කුදලාගෙන ගිය බවද සඳහන් කරයි.

කිසිදු අධිකරණයකට ඉදිරිපත් නොකොට මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමාව දින අනූවක් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ 4වෙනි තට්ටුවේ රඳවාගෙන සිටින බවත් මේ වන විට ඉන් දින 22 ක් ගෙවී  අවසන් බවත් පෙන්වා දුන් මන්ත්‍රීවරයා ඒ අවස්ථාවේ පාර්ලිමේන්තු සභා ගැබේ සිටී මහාචාර්ය ජී.එල්. පීරිස් අමාත්‍යවරයා අමතා ඉල්ලීමක් කළේ මේ අවනඩුව ජනපතිවරයාට දැනුම් දෙන ලෙසය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 18 May 2021 17:51