May 02, 2024

රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගනිද්දී විශේෂ වීඩියෝවක් එළියට (VIDEO)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුඩින් හා ඔහුගේ සොහොයුරෙකු වන රියාඩ් බදියුඩීන් අද(24) අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තේය.

පොලීසිය පැවසූවේ පාස්කු ප්‍රහාරයේ ඝාතකයන්ට ආධාර අනුබලදීම සබඳතා පැවැත්වීම යන චෝදන යටතේ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි.

රිෂාඩ් බදියුඩීන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ බෞද්ධාලෝක මාවත ඔහුගේ නිවසේදී බවත් රියාඩ් බදියුඩීන් අය අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලවත්ත ප්‍රදේශයේදී බව පොලීසිය පැවසී ය.

අත්අඩංගුවට ගැනීමට පෙර සමාජ ජාල ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් රිෂාඩ් බදියුදීන් කියා සිටියේ තමන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නොපෙන්වූ බවයි.

එමෙන්ම මන්ත‍්‍රීවරයෙක් වන තමන් අත්අඩංගුවට ගැනීම ගැන කතානායකවරයාද නොදැනුවත් බවත් කුමන චෝදනාවකට අත්අඩංගුවට ගන්නේදැයි නොදන්නා බවත් ඔහු කියා සිටියේය.

Rate this item
(0 votes)