June 30, 2024

ගැටඹේ පන්සලේදී එස්.බී කළේ කැත වැඩක්: ආණ්ඩුවෙන් බරපතළ විවේචන

පොදුජන පෙරමුණ ආණ්ඩුව නියෝජනය කරන නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති එස්.බී.දිසානායක මහතා මහනුවර ගැටබේ විහාරාධිපති හිමියන් හමුවේ කළ ආණ්ඩු විවේචනයට ආණ්ඩුව තුළින්ම විරෝධතා මතු වී තිබේ.

පසුගියදා යළිත් වතාවක් අග්‍රාමාත්‍යවරයා වෙනුවට දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී එස් බී දිසානායක මහතාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුව තිබේ.

එහිදී නැගී සිටී මීට ටික කලකට පෙර විමල් වීරවංශ අමාත්‍යවරයාටද පහර දීමට තැත් කළ බව කියන ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා නැගී සිටිමින් ප්‍රකාශ කොට තිබෙන්නේ එස් බී දිසානායක මන්ත්‍රීවරයා රජය තුළ සිටිමින් රජය විවේචනය කිරීම වැරදි දෙයක් බවත් විශේෂයෙන්ම අධ්‍යාපනයට කළ දෙයක් නොමැති බව පැවසීම බොරුවක් බවත් අධ්‍යාපන අමාත්‍යවරයා වන මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අධ්‍යාපනයට කොතරම් වැඩ කර තිබෙනවා දැයි මන්ත්‍රී කණ්ඩායමෙන් ප්‍රශ්න කර තිබේ.

එස්.බී.දිසානායක මහතා තිබෙන තරහට මෙවැනි ප්‍රකාශ කරන බවටද එහිදී මන්ත්‍රීවරු චෝදනා කොට තිබේ.

එස් බී දිසානායක මන්ත්‍රීවරයා ඔය ආකාරයට හැසිරෙන්නේ නම් ඔහු ගැන තමන්ටද කීමට බොහෝ දේ ඇති බව එහිදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් එහිදී වැඩිදුරටත් සඳහන් කොට තිබේ.

එස්.බී.දිසානායක මහතා පමණක් නොව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ 4 වැනි පේලියේ අසුන්ගෙන සිටින සෙසු ජ්‍යෙෂ්ඨයන් වන හිටපු අමාත්‍යවරුන් වන ඩබ්ලිව්. ඩී.ජේ.සෙනවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, මහින්ද සමරසිංහ සහ චන්දිම වීරක්කොඩි යන මහත්වරුන්ද තමන්ව නියෝජනය කරන ආණ්ඩුව පිළිබඳව බරපතළ කලකිරීමක සිටින බව වාර්තා වෙයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 13 April 2021 09:53