May 02, 2024

රිෂාඩ් පාකිස්ථාන තානාපති කාර්යාලයේ හදිසි සාකච්ඡාවක! ලංකාවට එන ඉම්රාන් ඛාන්ගෙන් ඉල්ලීමක් කරයි Featured

February 10, 2021

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව මුහුණ දෙන ප්‍රශ්න විසදීම සම්බන්ධයෙන් පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ගේ සංචාරය තුළදී ලංකා ආණ්ඩුවට බලපෑම් කරන ලෙස සමස්ත ලංකා ජනතා කොංග්‍රසයේ නායක රිෂාඩ් බදුර්දීන් මහතා ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

ඒ ඊයේ (09) කොළඹදී පාකිස්ථාන නියෝජ්‍ය තානාපති තන්වීර් අහ්මඩ් මහතා මුණගැසී සිදුකරනු ලැබූ සාකච්ජාවකදී ය.

විශේෂයෙන් කොරෝනා වැලදී මියගිය මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු ආදාහනය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට බලපෑම් කරන ලෙස අගමැතිවරයාට දැනුම් දෙන ලෙසට ඉල්ලීමක්ද බදුර්දීන් මහතා සිදු කර ඇත.

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා ලබන 24 වැනි දින මෙරට පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතය.

Rate this item
(0 votes)