May 09, 2024

රිෂාඩ් බදියුදීන්ගේ සහය ආණ්ඩුවට අවශ්‍ය නෑ

සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මහතාව කුමන තත්ත්වයක් මත හෝ ආණ්ඩුවට සම්බන්ධ කර ගැනීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කොට තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

රිෂාඩ් බදියුදීන් මහතාගේ සහය කුමන ආකාරයකින් වත් ආණ්ඩුවට ලබාගැනීම හෝ ඔහුට ආණ්ඩුවේ යම් ධූරයක් ලබා දීම යන කාරණා දෙකම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කොට තිබෙන බවද දැනගන්නට තිබේ.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වය දරන සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 4 දෙනාගේ සහය ලබා ගැනීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා ඔවුන් සමග සාකච්ජා කළ බවට තොරතුරු පහුගිය කාලය පුරා වාර්තා විය.

රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව නැගෙන විරෝධතාවය මත ඔහු හැර එම පක්ෂයේ අනිකුත් මන්ත්‍රීවරුන් තිදෙනාගේ සහාය 20 වෙනි සංශෝධනයට පක්ෂව ලැබෙතැයි තවමත් විශ්වාස කෙරේ. ඒ බැව් මීට ටික දිනකට පෙර රිෂාඩ් බදුයුදීන් මහතා සමගි ජනබලවේගයේ නායකයින් හමු වේ ද තහවුරු කර තිබුණි.

පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන් සමග බදියුදීන් සොහොයුරන් සම්බන්ධතා පැවැත්වූ බවත් එම ත්‍රස්තවාදීන්ට උපකාර කළ බවටත් චෝදනා එල්ල වේ.

Rate this item
(0 votes)