May 09, 2024

සජබ රැස්වීම උණුසුම්! ආණ්ඩුවට යන කතාව ගැන රිෂාඩ් සජිත්ගේ මූණටම කියයි - තිස්සටත් චෝදනා කරයි Featured

ආණ්ඩුව සමඟ එක්වීමට තමන් අදහස් කර නැතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන් මහතා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර තිබේ.

මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති වූ දින 52 ආණ්ඩුවට පවා නොගොස් රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ තමා සිටි බවත් මේ අවස්ථාවේදී ද සජිත් පේ‍්‍රමදාස මහතා සමඟ සමගි ජනබලවේගයේ තවදුරටත් සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තු කමිටු ශාලාවේදී පෙරේදා පැවති කණ්ඩායම් රැස්වීමේදී ය.

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් තම සහෝදරයාට එරෙහිව චෝදනා එල්ල වුවත් ඒවා ඔප්පු කිරීමට සාක්‍ෂි කිසිවක් නැතැයි ද එලෙස සාක්‍ෂි තිබේ නම් තමාව සහ සහෝදරයා අත්අඩංගුවට ගැනීමට කිසිදු බාධාවක් නැතැයි ද මෙහිදී පවසා ඇත.

තමන් ආණ්ඩුව සමග එක්වන බවට සහ ජාතිවාදී නායකයන් ඉදිරියේදී ආණ්ඩුවට එක්වනු ඇතැයි සමඟි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා මාධ්‍ය හමුවකදී කර ඇති ප‍්‍රකාශය මෙහිදී රිෂාඞ් බදියුදීන් මහතා දැඩි ලෙස කනගාටුව පළ කරමින් තිස්ස අත්තනායක මහතාට චෝදනා එල්ල කර තිබේ.

එහිදී විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසා ඇත්තේ සාක්‍ෂි නොමැති නම් සැකකරුවකු නිදහස් කිරීම ගැටලූවක් වශයෙන් තමා දකින්නේ නැති බවය.


Rate this item
(1 Vote)