May 09, 2024

ආණ්ඩුව එක්ක එකට වැඩ කරනවාද? - රිෂාඩ්ගෙන් පිළිතුරු (VIDEO)

වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනකින් පසුව මාධ්‍ය හමුව හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා පැවසුවේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් කරුණුවලට එකග වුවද එහි පවතින බහුතර කරුණුවලට තම කණ්ඩායමට එකග විය නොහැකි බවයි.

” 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය දෙනවද නැද්ද කියලා අපි තාම තීරණයක් අරන් නැහැ. මම පක්ෂ නායකයෙක්. අපිට වෙනම පක්ෂයක් තියෙනවා. අපේ මන්ත්‍රීවරු 04 දෙනෙක් තියෙනවා. 20 වෙනි සංශෝධනයේ තියෙන ඇතැම් කරුණු ගැන අපිට එකඟ වෙන්න බැහැ. නමුත් ආණ්ඩුව මේ දක්වා ඒ ගැන අපි එක්ක සාකච්ජා කරලා නැහැ” යැයි මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා සඳහන් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසු වූ තම සහෝදරයාට එරෙහි චෝදනා ඔප්පු නොවීම මත ඔහු නිදහස් වු බවද රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මේ අතර මෙම උත්සවයේදී අදහස් දැක්වූ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න සඳහන් කළේ වන්නි ප්‍රදේශයේ පුනුරුත්ථාපන හා නැවත පදිංචි කිරීම් බලධාරියා ලෙස තමන් රාජකාරි කිරීමේදී එම අමාත්‍යාංශය භාරව සිටි අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් විසින් කිසිදු ජාති භේදයකින් තොරව උපරිම දායකත්වයෙන් වැඩකටයුතු කිරීමට සහය දැක්වූ බවයි.

Rate this item
(1 Vote)