May 15, 2024

විධායක ජනපතිගේ බලය පෙබරවාරි මාසයේ අවසන් - ඇමති මංගල

විධායක ජනාධිපති ධුරයේ බලතල සියල්ල පෙබරවාරි මාසය වන විට අහෝසි කරන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ මාතර ප‍්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගි වෙමිනි.

තොරතුරු දැනගැනීමේ පනත ද පෙබරවාරි මාසය වන විට සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පෙන්වා දුන්නේය. 

‘දින 100 සම්පූර්ණ වුණාට පසුව මේ අපේ නව දේශපාලන සංස්කෘතිය ඒ ආකාරයට ස්ථාපිත කරලා අපි අපේ‍්‍රල් මාසයෙන් පසුව මහ මැතිවරණයකට ගොස් මහමැතිවරණයෙන් පසුව මේ ආකාරයෙන්ම සර්ව පාක්ෂික රජයක් වසර පහකට මේ රට තුළ ස්ථාපිත කිරීමට අපි දැනටමත් එකඟත්වය පළකර තිබෙනවා. විශේෂයෙන්ම ජනවාරී මස 8 වැනිදා ඒ ලබාගත් ජයග‍්‍රහණය ඊළග මහ මැතිවරණයේදී විජයග‍්‍රහණයක් බවට පත්කර ගන්න ඕන. පසුගියේ මැතිවරණයේදීත් අපට ඡන්දය නොදීපු අය විශාල ප‍්‍රමාණයක් ඉන්නවා. ඡන්ද නොදීපු අය විශාල ප‍්‍රමාණයක් අද මෙතැනටත් ඇවිත් ඉන්නවා. ඒක ප‍්‍රශ්නයක් හැටියට නෙවෙයි මං කියන්නේ.’ යැයි ඇමැතිවරයා පැවසී ය.

Rate this item
(0 votes)
Last modified on Monday, 26 January 2015 12:30