April 29, 2024

පදවිප්‍රාප්තිය සිහිකර මෛත්‍රී හම්බන්තොටදී ලොකු වැඩකට අතගසයි 

December 17, 2016

හම්බන්තොට කර්මාන්තපුරයේ වැඩකටයුතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ධුරයට පත් වී වසර 02ක් පිරීම නිමිත්තෙන් ජනවාරි මස 07 වැනිදා ඉදිකිරීම් ආරම්භ කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

චීනය ඇතුළු රටවල් ගණනාවක ආයෝජකයන් විශාල පිරිසක් ඒ සඳහා එක්වන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

හම්බන්තොට ජනතාව පදිංචිව සිටින ඉඩම්වලින් අක්කර 15,000ක් පවරාගන්නා බවට ඇතැම් දේශපාලන කණ්ඩායම් නගන චෝදනාවල කිසිදු සත්‍යතාවක් නැතැයි හෙතෙම සඳහන් කළේය.

එම කර්මාන්තපුරය ඉදිකිරීම සඳහා ඉඩම් අක්කර 1,500ක් යොදාගන්නා බවත්, එම ඉඩම් ජනතාව පදිංචි නැති මුඩු ඉඩම් බවත් අමාත්‍යවරයා පැවසී ය. 

එසේම මහජනතාව පදිංචි ඉඩම්වලින් කිසිදු ඉඩම් කොටසක් හෝ පවරා නොගන්නා බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 17 December 2016 08:39