April 29, 2024

රුසියානු - යුක්රේන යුද ගැටුමේ පරාලයක් චීනයටත්: බයිඩන් ජිංපිං අමතයි

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම මත චීනය ඉතා අසීරු තත්ත්වයකට වැටී තිබෙනවා.

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමේ හෙළා දකිමින් රුසියාවට එරෙහිව ජාත්‍යන්තර සම්බාධක පනවා තිබුණත් චීනය තවමත් එම ආක්‍රමණය හෙළා දැක නැහැ.

රුසියාවට සහාය

ලෝක බලවතෙකු වන චීනය යම් හෙයකින් රුසියාව පැත්ත ගතහොත් එය රුසියාවට එරෙහි ජාත්‍යන්තර බලපෑම අවම වනු ඇති බව ඇමරිකාවේ මතය වනවා.

ඉකුත් සිකුරාදා (18) ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් චීන ජනාධිපති ෂී ජිංපිං සමග වීඩියෝ දුරකථන ඇමතුමක් හරහා කතා බස් කළ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

චීනය යම් හෙයකින් යුක්රේනයේ සටන් වැද සිටින රුසියානු හමුදාවන්ට යම් සහායක් (අවශ්‍ය උපකරණ) දැක්වූවොත් ඊට ප්‍රතිචාර ලෙස චීනයට එරෙහි සම්බාධක පැනවීමේ අවස්ථාවක් තිබෙන බව ධවල මන්දිරය මේ වෙන විටත් ප්‍රකාශ කොට තිබෙනවා.

යුධ ආධාර

රුසියාව හා චීනය අතර යුධ ආධාර ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන බවට යන රාවය එම දෙරටම ප්‍රතික්ෂේප කොට තිබෙනවා.

රුසියාව හා යුක්රේනය අතර පවතින යුද ගැටුම ඉක්මනින් අවසන් වනු දැකීමට තමන්ට අවශ්‍ය බවයි චීනය ප්‍රකාශ කර තිබෙන්නේ.

රුසියාව හා චීනය ඉතා මිත්‍ර රටවල්.

Rate this item
(0 votes)
Last modified on Saturday, 19 March 2022 20:04