April 29, 2024

යුක්රේනයේ ජනපතිගෙන් පුටින්ට යෝජනාවක් සහ අනතුරු ඇඟවීමක්

රුසියාව යුක්රේනියාව ආක්‍රමණය කොට ඊයේට (19) දින 23 යි.

යුක්රේන ජනාධිපති වොලොඩ්මීර් සෙලෙන්ස්කි රුසියානු ජනපති වැල්ඩ්මීර් පුටින්ට ඊයේ (19) වැදගත් පණිවිඩයක් යැව්වා.

යැවූ පණිවිඩය

ඒ පණිවිඩය තුළ අනතුරු ඇඟවීමක් ද තිබෙනවා.

යුක්රේන ජනපතිවරයා පුටින් අමතා ප්‍රකාශ කරන්නේ සිය රට ආක්‍රමණය කිරීම නතර කිරීම සඳහා ඵලදායි සාකච්ඡා වලට එළඹෙන ලෙසටයි.

එසේ නොවුණහොත් යුද්ධයෙන් සිදුවන පාඩුව රුසියාවේ පරම්පරා ගණනාවකටම භුක්ති විඳීමට සිදුවන බවටද යුක්රේන ජනපතිවරයා පුටින් අමතා අනතුරු අඟවනවා.

බරපතළ හානි

පෙබරවාරි 24 පුටින් විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට ගත් තීන්දුවත් සමග මේ වන විට රුසියානු හමුදාවන්ට බරපතළ පාඩු විඳීමට සිදුව තිබෙන බව වාර්තා වනවා.

ඉතා කෙටි දිනකින් ක්‍රිමියාව ආක්‍රමණය කිරීම පුටින්ගේ ඉලක්කය වුවද බලාපොරොත්තු නොවුනු අයුරින් යුක්රේන හමුදා ප්‍රතිචාර දැක්වීම රුසියාවට බරපතළ ප්‍රශ්නයක් වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

යුක්රේනයේ නගර කිහිපයක් රුසියානු හමුදා අල්ලා ගත්තද බොහෝ නගර වලට ආසන්න ප්‍රදේශවල රුසියානු හමුදා අසරණව සිටින බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

යුක්රේන ආක්‍රමණය නතර කිරීම සඳහා රුසියානු ජනපති පුටින් කොන්දේසි 6ක් යුක්රේනය වෙත ඉදිරිපත් කොට ඇති මුත් ඒවා ප්‍රායෝගික නොවන බව පවසමින් යුක්රේනය එම යෝජනා ප්‍රතික්ෂේප කොට තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 19 March 2022 22:17