May 03, 2024

යුක්රේනයට හතර වටින්ම මූල්‍ය ආධාර: ලෝක බැංකුව ප්‍රමුඛත්වය ගනී

රුසියාව විසින් ආක්‍රමණය කළ යුක්රේනියාවට ණය පහසුකම් හා ප්‍රධාන ලබාදීමට ලෝක බැංකුව ඇතුළු ලොව බොහෝ රටවල් මේ වන විටත් ඉදිරිපත් වී සිටිනවා.

ඇමරිකානු ඩොලර් මිලියන 723 ක ණය සහ ප්‍රධාන යුක්රේනියානුට ලබාදීමට ලෝක බැංකුව විසින් අනුමත කර තිබෙනවා.

ආධාර වලට හේතුව

ඒ රුසියාවට යුක්රේනියාව ආක්‍රමණය කිරීමට එරෙහිව සටන් කිරීම පදනම් කොටගෙන.

ඒ ඇරුණුකොට තවත් ඇමරිකානු ඩොලර් බිලියන 3 ක පැකේජයක් යුක්රේනියාවට ලබාදීම සදහා ලෝක බැංකුව ඉදිරි මාස කිහිපයේදී කටයුතු කිරීමට නියමිතයි.

යුද්ධය නිසා අනාථ වූ යුක්රේනියානු සරණාගතයින් බාරගන්නා යුක්රේනියානුවේ අසල්වැසි රටවල් වලටද ආධාර ලබාදීමට ලෝක බැංකුව පොරොන්දු වී තිබෙනවා.

සරණාගතයින් සංඛ්‍යාව

මෙසේ යුද්ධය නිසා යුක්රේනියානු හැර ගිය පිරිස ලක්ෂ 17 ක් පමණ වනවා.

ඒ පිරිස අතර බහුතරය ළමුන් , කාන්තාවන් සහ වැඩිහිටියන්.

බ්‍රිතාන්‍යද යුක්රේනියාවට ඇමරිකානු ඩොලර් මිලියන 100 ක මූල්‍ය පැකේජයක් ලබා දීමට නියමිතයි.

මෙසේ ලෝක බැංකුව විසින් යුක්රේනියාවට ණය ආධාර සහ ප්‍රධාන කඩිනමින් ලබා දීමට හේතුව ලෝක බැංකුවේ සභාපති ඩේවිඩ් මල්පාස් (DAVID MALPASS) විසින් හෙළිදරව් කර තිබෙනවා.

සභාපතිගේ ප්‍රකාශය

"රුසියාව විසින් යුක්‍රේනියාව අරබයා දියත් කළ ප්‍රචණ්ඩත්වය හා අන්තවාදී කඩාකප්පල් කිරීම් හේතු කොටගෙන යුක්රේනියානු ජනතාව මුහුණ දෙන තත්ත්වය පදනම් කොට ගෙනයි ලෝක බැංකුව ඉතා කඩිනමින් යුක්රේනියාවට සහයෝගය දීමට තීරණය කළේ."

ඔහු පවසන්නේ ඒ ආකාරයට.

ලෝක බැංකුව පවසන්නේ තමන් ලබා දෙන ප්‍රධාන යුක්‍රේනියාවට මේ මොහොතේ අත්‍යවශ්‍යය සේවාවන් සැපයීමට උපකාර වන බවයි.

රෝහල් සේවකයින්ගේ වැටුප් , වැඩිහිටියන්ගේ විශ්‍රාම වැටුප් මෙන්ම සමාජ වැඩ සටහන් ඒ අතර වනවා.

යුරෝපා රටවල්

එමෙන්ම තවත් යුරෝපා රටවල් 2 ක් වන නෙදර්ලන්තයේ හා ස්වීඩනය ඇමරිකානු ඩොලර් මිලියන 350 ක පැකේජයක් ලබා දීමටත් තීරණය කර තිබෙනවා.

එමෙන්ම බ්‍රිතාන්‍ය , ලතිවා , ඩෙන්මාර්කය , ලිතුවේනියා හා අයිස්ලන්තය ඇමරිකානු ඩොලර් මිලියන 134 ක ප්‍රධාන ලබාදීමට නියමිතයි.

ඉහත සඳහන් සියලු රටවල් යුක්‍රේනියාව අයත් යුරෝපා රටවල්.

ඒ හැරුණු කොට ආසියාතික රටක් වන ජපානයද ඇමරිකානු ඩොලර් මිලියන 100ක මූල්‍යමය ප්‍රදානයක් යුක්‍රේනියානු කිරීමට තීරණය කොට තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 09 March 2022 08:13