May 19, 2024

රාජිතගේ නීතිඥවරු අධිකරණයට ගෙනා මෝසම යළි ඉවත්කර ගනිති Featured

December 26, 2019

තමා  අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් ලබාදුන් වරෙන්තුව ආපසු කැඳවන ලෙස ඉල්ලා  හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද ( 26)  මෝසමක් ඉදිරිපත් කිරීමට පැමිණියද යළි එය ඉවත් කර ගැනීමට කටයුතු කර තිබේ.

හිටපු අමාත්‍යවරයාගේ නීතීඥවරු විසින්  එම මෝසම ඉදිරිපත් කිරීමට  සූදානම් වූවද යළි එය ඉවත් කරගැනීමට ඔවුන් කටයුතු කර තිබිණි.

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව පවත්වා ලංකා දණ්ඩ නීති සංග්‍රහ පනත සහ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනත යටතට ගැනෙන වරදක් සිදුකළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙලුම්දෙණිය මහතා විවෘත පසුගිය 24 වැනිදා  වරෙන්තු නිකුත් කර තිබිණි.

අධිකරණයෙන් නිකුත් වූ වරෙන්තුව අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරි කණ්ඩායමක් ඊයේ (25) දවස තුළ හිටපු අමාත්‍යවරයා සිටින බවට විශ්වාස කරනු ලැබූ ස්ථාන කිහිපයකටම ගොස් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා සෝදිසි කර ඇති බවත්, ඒ කිසිදු ස්ථානයක ඔහු නොසිටි බවටත් එම නිලධාරීන් වාර්තා කර තිබේ.

Last modified on Thursday, 26 December 2019 13:32