April 30, 2024

(EXCLUSIVE) විමල් කණ්ඩායම ආණ්ඩුවෙන් එළියට එනවා : ඒක ස්ථිරයි - රාජිතගෙන් අනාවැකියක්

November 12, 2021

විමල් වීරවංශ , උදය ගම්මන්පිල හා වාසුදේව නානයක්කාර අමාත්‍යවරුන් ඇතුළු කැරලිකාර කණ්ඩායම ආණ්ඩුවෙන් එළියට බසින බවට අනාවැකියක් වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පල කරනවා.

ආණ්ඩුවේම සන්ධානගත පක්ෂ නියෝජනය කරන එම කණ්ඩායමට තව දුරටත් ආණ්ඩුවේ සිටීමට නොහැකි බවයි සමගි ජන බලවේගය නියෝජනය කරන සේනාරත්න මහතා පෙන්වා දෙන්නේ.

මීළඟ පියවර

බෙදීමට පෙර තිබෙන්නේ අරගලය බවත් දැන් එම කණ්ඩායම නියැලී සිටින්නේ එම අරගලයේ බවත් පෙන්වා දෙන සේනාරත්න මහතා එහි මීළඟ පියවර එම කණ්ඩායම ආණ්ඩුවෙන් බෙදී වෙන්වී යාම බව අනාවරණය කරනවා.

එසේ එළියට නොපැමිණියහොත් එම කණ්ඩායමට අනාගතයක් නොමැති බවත් එය එම කණ්ඩායම හොඳින් අවබෝධ කරගෙන සිටින බව මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

ඔවුන් බලා සිටින්නේ ඒ සඳහා නිසි වේලාව එළැඹෙන තුරු පමණක් බවයි සේනාරත්න මහතාගේ අදහස වන්නේ.

වෙනම බලවේගයක්

ආණ්ඩුවෙන් එළියට බසින එම කණ්ඩායම තමන් නියෝජනය කරන සමගි ජන බලවේගය සමග කටයුතු නොකරනු ඇති බවයි සේනාරත්න මහතාගේ අදහස වන්නේ.

එම කණ්ඩායම වෙනම බලවේගයක් ලෙස විපක්ෂයේ රැඳී සිටිනු ඇති බව තම විශ්වාසය බව මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පළ කළේ ඒෂියන් මිරර් සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

Rate this item
(0 votes)
Last modified on Friday, 12 November 2021 11:24