May 14, 2024

ටෙලිකොම් සභාපතිකම කුමාරසිංහ සිරිසේනට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරෙකු වන කුමාරසිංහ සිරිසේන මහතා ශ්‍රී ලංකා ටෙලිකොම් හී නව සභාපතිවරයා ලෙස පත් කර තිබේ.

උසස් රාජ්‍ය නිලධාරියෙකු ඒෂියන් මිරර් වෙත සඳහන් කළේ අද උදැසන මෙම නව පත්වීම ලැබී ඇති බවය.

කුමාරසිංහ සිරිසේන මහතා රාජ්‍ය දැව සංස්ථාවේ 2006 වසරේ සිට ප්‍රධාන විධායක නිලධාරී සහ සමාන්‍යාධිකාරී ලෙස කටයුතු කර තිබේ. කෙසේවෙතත් ඉකුත් ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක ලෙස වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය අපේක්ෂකත්වය ප්‍රසිද්ධ කිරීමෙන් අනතුරුව කුමාරසිංහ සිරිසේන මහතා වෙත සිය තනතුරු අහිමි වී ඇති බවද සඳහන්.

කුමාරසිංහ මහතා Land Reclamation & Development Company Ltd and L.R.D.C. Services (Pvt) Ltdහී සමූහ අධ්‍යක්ෂවරයෙකු මෙන්ම අරලිය සමූහ ව්‍යාපාරයේ මූල්‍ය උපදේශකවරයෙකු ලෙසද කටයුතු කර තිබේ.

2005 වසරේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩු පක්ෂ සභානායක ලෙස කටයුතු කරද්දී ඔහුගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කර ඇත්තේද කුමාරසිංහ සිරිසේන මහතාය. මහවැලි අධිකාරියේද අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කර ඇති කුමාරසිංහ සිරිසේන මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රාජ්‍ය කළමණාකරන උපාධීධාරියෙකි.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 22 January 2015 14:55