May 15, 2024

ඔව් මම චීනේ ගියා - ශෂීන්ද්‍ර

තමා රට හැර ගිය බවත් එසේ ගොස් යළි ශ්‍රී ලංකාව වෙත පැමිණ ඇති බවත් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය.

ශෂීන්ද්‍රරාජපක්ෂ මහතා අද දිනයේ මොණරාගල දිස්ත්‍රික් මැතිවරණ තේරීම් භාර නිලධාරීතුම හමුවීමට ගිය අවස්ථාවේදී මේ බව පැවසීය.එහිදී හෙතෙම වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ පුවත්පතක් විසින් අසත්‍ය ප්‍රවෘත්තියක් වාර්තා කිරීම හේතුවෙන් තමකීර්ති නාමයට හා මෙවර ජනාධිපති අපේක්ෂකතුමා වන මහින්ද රාජපක්ෂ මහතාගේමැතිවරණ කටයුතුවලටද අසාධාරණයක් සිදු වී ඇති බවයි.

මෙහිදී ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් මැතිවරණ කොමසාරිස්තුමා වෙතයොමු කරන ලද පැමිණිල්ලක් ඉදිරිපත් කෙරිනි.

පසුගිය දිනවලදී ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා හදිසියේ විදේශ ගත වී ඇති බවත් ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ වේදිකාවට නොඑන බවත් පවසමින් විවිධ කට කතා පැතිරිණි.

වීඩියෝව පහළින් නරඹන්න...

Rate this item
(0 votes)