May 16, 2024

නියෝජ්‍ය ඇමති ප්‍රේමලාල් අත්අඩංගුවට ගැනීමට නියෝග  

විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා අත්අඩංගුවට ගන්නා ලෙස පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (05) නියෝග කළේය.

කහවත්තේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාවට වෙඩි තබා පුද්ගලයන් තිදෙනෙකුට තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ පොලිස් නිලධාරීන් සැකකරුවන් වශයෙන් නියෝජ්‍ය ඇමති ප්‍රේමලාල් ජයසේකර, සබරගමු පළාත් සභා මන්ත්‍රී  නිලන්ත ජයකොඩි, කහවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති වජිර සිල්වා සම්බන්ධ බවට 'බී' වාර්තාවක් මඟින් පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබීය.

මේ අනුව මෙම පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙන අතර රටින් පිටිවීම වැළැක්වීම සඳහා මත්තල හා කටුනායක ගුවන්තොටුපොලේ ආගමන විගමන නිලධාරීන්ටද නිවේදන නිකුත්කර තිබේ.

වෙඩිවැදීමට ලක්වූ ශාන්ත දොඩම්ගොඩ යන අයගේ තත්ත්වය බරපතල බවද පොලීසිය අධිකරණයට දැන්වීය. කහවත්ත පොලිසිය මේ සම්බන‍්ධයෙන් පරීක‍ෂණ පවත්වයි.

 

 

Rate this item
(0 votes)
Last modified on Monday, 05 January 2015 17:06