May 15, 2024

රනිල්ගේ කතාවට ගල් ප්‍රහාරයක්

December 28, 2014

ඊයේ (27) පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පල කරමින් අක්කරෙයිපත්තුවේ දී රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැළියකට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබේ. 

ඊයේ රාත්‍රී 7 ත් 8 ත් අතර කාලයේ අවස්ථා දෙකක දී ගල් ප්‍රහාර එල්ල වී ඇති බව කැෆේ සංවිධානය පවසයි.

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා රැළිය අමතමින් සිටින අතරතුර එක් ගල් ප්‍රහාරයක් එල්ල වි ඇති අතර මෙම ගල් ප්‍රහාරය විපක්ෂ නායකවරයා සභාව අමතමින් සිටි මයික්‍රෆෝනයට වැදී ඇති අතර එය බිම වැටී ඇත.

කෙසේ නමුත්, විපක්ෂ නායකවරයා සිය කථාව දිගටම කරගෙන ගොස් තිබේ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 28 December 2014 14:55