May 19, 2024

හිරුණිකා රට හැර යයි

December 13, 2014

ඉකුත් පළාත් සභා මැතිවරණයේදී තරඟ කොට බස්නාහිර පළාතෙන් විශාල මනාප ප්‍රමණයක් ලබා ගනිමින් පළාත් සභාවට තේරී පත්වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය මේ වන විට රට හැර ගොස් ඇති බව වාර්තා වේ.

පසුගිය දා රජයෙන් ඉවත් වී ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දීම සඳහා තීරණය කළ ඇය මේ වන විට රටින් පිට වී ඇත්තේ  ආරක්ෂක හේතුන් නිසා බවයි ඇයගේ හිතවතුන් වෙත සඳහන් කර ඇත්තේ.

රජයේ ප්‍රබල දේශපාලනඥයෙකුව හිඳ පසුව ජනාධිපති උපදේශකවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණියද වන්නේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවියයි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 13 December 2014 11:01