May 19, 2024

වාසුදේව විශේෂ ප්‍රකාශයකට මාධ්‍ය හමුවේ

December 10, 2014
තමන් දේශපාලන වශයෙන් වැදගත් තීන්දුවක් හෙට දිනයේ ගන්නා බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක ඇමති වාසුදේව නානායක්කාර මහතා ඊයේ සඳහන් කළේය. ඔහු සඳහන් කරන්නේ වත්මන් දේශපාලන තත්ත්වය ගැන ගැඹුරු අධ්‍යයනයකින් පසුව මෙම තීරණය දැනුම්දෙන බවයි.මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ  නානායක්කාර මහතා මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය දීම සඳහා එක්වීමට නියමිත බවයි.මෙම විශේෂ තීරණය අද පස්වරු 3.00ට කොළඹ පදනම් ආයතනයේදී ඔහු ප්‍රකාශයට පත් කිරීම සඳහා මාධ්‍ය කැඳවා තිබේ.
 
ජාතික හෙළ උරුමය හා ජාතික නිදහස්‌ පෙරමුණ උතුරේ ඡන්දයට බියවී සිටින්නේ උතුරේ ඔවුනට ඡන්ද පදනමක්‌ නැති නිසා බව පසුගිය කාලයේදී  වාසුදේව නානායක්‌කාර මහතා අවධාරණ කළේය.එමෙන්ම ජාතිවාදයෙන් මේ ගැටුම විසඳිය නොහැකි බවත් 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය මගින් ඇති කළ පළාත් සභා බලතල උතුරටත් දිය යුතු බවද ඔහු පෙන්වා දුන් කරුණකි.දහතුන්වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය අහෝසි කරන්නේ නම් තමා තවදුරටත් ආණ්‌ඩුව තුළ රැඳී සිටින්නේ නැතැයි ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානායක්‌කාර මහතා පසුගිය කාලයේදී අවදාරණය කළේය.
 
අද පෙරවරුවේ ඔහු ප්‍රකාශ කළේ "මම මේ ආණ්‌ඩුවේ සිටින්නේ අධිරාජ්‍යවාදී විරෝධී පිළිවෙතක සිට රට පාලනය කරන නිසයි. ඒත් ප්‍රජාතන්ත්‍රවාදී විදියට නම් මේ ආණ්‌ඩුව හැසිරෙන විදිය මදියි." යන්නය.ඔහු අද දිනයේදී ඉවත්වීම කෙසේ වෙතත් 'ආණ්ඩුවට රතු එළියක් දැල්වීම' අරමුණු කරගෙන තිබේ.ඔහු රජයෙන් අද ඉවත්වනවා නම් පදනම් ආයතනය ඒ සඳහා තෝරා නොගන්නා බව රජයේ අදහස වී ඇත.
 
(සටහන- මහේෂ් බණ්ඩාර)
 
 
Rate this item
(0 votes)
Last modified on Wednesday, 10 December 2014 12:03