May 15, 2024

ඉන්ධන පිරවුම්හලක උණුසුම් තත්ත්වයක් - පොලීසියත් කැඳවයි (PHOTOS)

හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලක් අසල ඇති වු උණුසුම් තත්ත්වයක් පාලනය කිරිමට හැටන් පොලිසියේ නිලධාරින් පියවර ගෙන තිබුණා.

සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලේ සංචිතයේ ඩිසල් ඉන්ධන තබා ගනිමින් වාහන වලට නිකුත් නොකරන බවට චෝදනා කරමින් පෝලිම් වල රැදි සිටි රියදුරන් එම ඉන්ධන පිරවුම්හලේ සේවකයින් සමග ඇති වු බහින් බස් විමක් දුර දිග යාමෙන් පසු උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙන බවයි ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළේ.

පසුව හැටන් පොලිසියේ නිලධාරින් ඩිසල් ඉන්ධන ලබාදෙන බවට පොරොන්දු විමත් සමග ඇති වු උණුසුම් තත්ත්වය සමථයකට පත් කරනු ලැබුවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 08 April 2022 10:41