April 29, 2024

ඉන්ධන පිරවුම්හලේ රණ්ඩුවක් නිසා ජිවිතයක් අහිමිවෙයි

නිට්ටඹුව හොරගොල්ල ඉන්ධන පිරවුම් හලේ පෙට්‍රල් ලබා ගැනීම සඳහා පෝලිමේ රැදී සිටි යතුරු පැදිකරුවෙකු සහ ත්‍රිරෝද රථ රියදුරකු අතර ඇතිවූ බහින් බස් වීමකින් අනතුරුව ත්‍රීරෝද රථ රියදුරු විසින් එල්ල කරන ලද තියුණු අවි ප්‍රහාරයක් හේතුවෙන් යතුරු පැදිකරු මියගොස් ඇති බව නිට්ටඹුව පොලිසිය සඳහන් කරනවා.

මෙලෙස මියගොස් ඇත්තේ විසි නව හැවිරිදි තරුණයෙකුයි.

පෙට්‍රල් පෝලිමේ රැඳී සිටි මේ දෙදෙනා අතර අදාළ බහින්බස් වීම ඇතිවී තිබෙන්නේ පෝලිම පැනීමක් සම්බන්ධයෙන්.

Rate this item
(0 votes)