May 19, 2024

විමල් පිල මාර්තු 27 රිවස් කරයි: මැයි 1 ට ෆෝවඩ් කරයි

ජනපතිවරයා විසින් ඇමති ධුරවලින් ඉවත් කළ විමල් වීරවංශ, උදය ගම්මන්පිල මහත්වරුන් මුල් වූ ආණ්ඩුවේ සන්ධානගත පක්ෂ 11 කණ්ඩායම ගත් තීරණයක් හදිසියේම වෙනස් වෙනස් කොට තිබෙනවා.

ඒ 2015 පෙබරවාරි මස නුගේගොඩින් ඇරඹී "මහින්ද සුළඟ" මෙන් රැලියක් මේ මස 27 දින නුගේගොඩ පැවැත්වීමට ගෙන තිබූ තීන්දුවයි.

නුගේගොඩ සුලඟ

මැයි 27 නුගේගොඩ විරෝධය සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතා පෞද්ගලික රූපවාහිනියක් සමඟ කළ සාකච්ඡාවකදී පවා කරුණු ඉදිරිපත් කළා.

ඔහු එහිදී සඳහන් කළේ එවැනි අදහසක් තිබුණද තවමත් ස්ථිර නැති බවයි.

මේ වන විට පක්ෂ 11 කණ්ඩායම සිය පළමු වෙඩි මුරය පත්තු කිරීම සඳහා දිනයක් තෝරාගෙන තිබෙනවා.

ලෝක කම්කරු දිනය

ඒ මැයි 1 වනදා ට දෙන ලෝක කම්කරු දිනයයි.

එදිනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහායද ඇතිව දැවැන්ත රැලියක් පැවැත්වීමට එම කණ්ඩායම තීරණය කොට තිබෙන බවයි වාර්තා වන්නේ.

එහිදී ආණ්ඩුවට එරෙහි දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට එම කණ්ඩායම සූදානමින් සිටිනවා.

පොදුජන පෙරමුණ ප්‍රතිචාරය

එදිනට එම කණ්ඩායමේ බරපතළ විවේචනයට ලක්ව සිටින මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාද තමන් ජාතික සංවිධායක ධුරය දරන පොදු ජන පෙරමුණේ දැවැන්ත රැලියක් ගාලු මුවදොර පැවැත්වීමට මේ වන විටත් තීරණය කොට හමාරයි.

ඒ අනුව ආණ්ඩුවේ මෙන්ම ආණ්ඩුව තුළ සිටින ආණ්ඩු විරෝධී කණ්ඩායම යන දෙපාර්ශ්වයේම ශක්තිය මැයි 1 වනදා ට දැක ගැනීමට පුළුවන්.

Rate this item
(4 votes)
Last modified on Saturday, 19 March 2022 21:00