එළඹෙන සදුදා දක්වා විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කළා.
විදුලි අර්බුදය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා එම කොමිසම අද රැස්වු අවස්ථාවේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.
කෙසේ වෙතත් හෙට දිනයේදී මෙගවොට් 30ක විදුලි අවශ්‍යතාවයක් පවතින බවත්, එය කළමනාකරණය කර ගන්නා ලෙසට උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබාදී තිබෙනවා.
අදත් වරින් වර දිවයින පුරා විවිධ අවස්ථාවලදී විදුලි කප්පාදුවක් සිදු කෙරුණා.
ඒ එම බලාගාරවලට විදුලි ජනන කටයුතු සඳහා අවශ්‍ය කරන ඩීසල් සහ නැප්තීන් නොමැති වීම හේතුවෙන්.
එමෙන්ම නිසි අයුරින් බලාගාර නඩත්තුවක් සිදු නොකිරීම සහ ඇතැම් දේශපාලන පත් කිරීම්වලට විරුද්ධව ද ලංකා විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය විරෝධතා ඇරඹුවා.
මෙවන් පසුබිමකදීයි, රටේ වරින් වර කාණ්ඪ 04කට බෙදා විදුලි කප්පාදුවක් සිදු වූයේ.
මේ අතර බලශක්ති අමාත්‍යංශය පැවසුවේ මේ වනවිට අක්‍රීය කර ඇති කැලණිතිස්ස පෞද්ගලික බලාගාරයෙන් ඉල්ලීමක් කළහොත් අවශ්‍ය ඩීසල් ලබා දීමට සූදානමින් සිටින බවයි.