කොළඹ පුරපතිනිය වන, රෝසි සේනානායක මහත්මිය විසින් සිදුකරන ලද මූල්‍ය වංචා පිළිබඳව විමර්ශනයක් ආරම්භ කිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇති බව වාර්තා වනවා.
කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා විසින්, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.
කොළඹ නගරාධිපතිනි, රෝසි සේනානායක මහත්මිය අයවැයට වෙන් කෙරෙන මූල්‍ය ප්‍රතිපාදන වලට අමතරව, ජනතා බදු මුදල් අවභාවිත කර ඇති බවට කොළඹ නගර සභාවේ මන්ත්‍රී කණ්ඩායම් විසින් බරපතල චෝදනා එල්ල කරනු ලබනවා.
කෙසේ වෙතත් නගරාධිපතිනි, රෝසි සේනානායක මහත්මිය පවසන්නේ, මෙම සියළු චෝදනා පදනම් විරහිත සහ අසත්‍ය චෝදනා බවටයි.