May 02, 2024

අල්ලස් දූෂණයෙන් පළමු තැන රේගුවට - RMV දෙවැනි තැනට Featured

February 01, 2021

අල්ලස් ගැනීම්, දූෂණ හා අයථා ලෙස වත්කම් ඉපයීම් සම්බන්ධයෙන් වැඩිම චෝදනා එල්ලවී ඇති ආයතන අතර පළමු තැනට ශ්‍රී ලංකා රේගුව පත්ව ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීහු පවසති.

මෙම ලැයිස්තුවේ දෙවැනි තැනට පක්ව ඇත්තේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවයි. අධ්‍යාපන කේෂ්ත්‍රය, ප්‍රා දේශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන, පොලීසිය හා සුරාබදු දෙපාර්තමේන්තුව අල්ලස් හා දූෂණ චෝදනා වැඩි වශයෙන් ඇති ආයතන අතර මුල් තැන ගෙන තිබේ.

මේ අතර පසුගියදා වලල්ලාවිට පැවැති ජනහමුවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසූවේ ශ්‍රී ලංකා රේගුවේ සියලු නිලධාරීන් ඉවත් කර හෝ ඒ ආයතනය පිරිසිදු තැනක් බවට පත් කරන ලෙසයි.

අල්ලස් කොමිසමට ගිය වසරේ පැමිණිලි 1425ක් ලැබී තිබූ අතර ඉන් පැමිණිලි 1066ක් විමර්ශණයට ගෙන ඇතැයි එම කොමිසම පවසයි.

ගිය වසරේ විමර්ශනයට ගෙන ඇති පැමිණිලි අතර අල්ලස් ගැනීම් පිළිබඳ පැමිණීලි 237ක්ද දූෂණ පිළිබඳ පැමිණිලි 748ක්ද අයුතු ලෙස වත්කම් ඉපයීම් පිළිබඳ පැමිණිලි 35ක් හා වැටලීම් පිළිබඳ පැමිණිලි 46ක්ද වෙයි.

අල්ලස් දූෂණ හා අයථා ලෙස වත්කම් ඉපයීම් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් මහේස්ත්‍රාත් අධිකරණවල හා මහාධිකරණවල ගිය වසරේ නඩු 36ක් පවරා තිබේ.

Rate this item
(1 Vote)