ආණ්ඩු පාර්ශවයේ ඔවුන් ජේෂ්ඨ මන්ත්‍රීවරයෙකු වන ඩිලාන් පෙරේරා මහතා මේ දිනවල කකුල් දෙකේ බල්ලන් ගැන බලු කතාවක් කියනවා.
තමන්ට දිස්ත්‍රික්කයේ වැඩ කරද්දි හපා කමින් කරදර කරන්නේ විපක්ෂයේ අය නොව තමන්ගේ පැත්තේම සිටින බල්ලන් බවයි ඔහු සඳහන් කරන්නේ.
මන්ත්‍රීගේ බලු කතාව
ඩිලාන් පෙරේරා මහතා මෙම බලු කතාව කිව්වේ හාලිඇල ප්‍රදේශයේ දික්වැල්ල බණ්ඩිපොල මාර්ගය සංවර්ධනය කිරීම සඳහා මුල් ගල තැබූ අවස්ථාවේ.
මේ ප්‍රදේශයට කිසිදු වැඩක් නොකරපු කෙනෙකුත් ගෙනැවිත් මේ වැඩේ කරන්න යන බවයි ඔහු ඒ අවස්ථාවේ එතැනට රැස්ව සිටි ජනතාව හමුවේ ප්‍රකාශ කළේ.
ගිය සතියේ සිට තමන් බදුල්ල දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණ කැඳවුම්කරු බවද එහි සිටි ජනතාවට මතක් කර දුන් ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා තමන් වැඩක් කරන්නට ගියහොත් ඊට පොදු ජන පෙරමුණේම අය බාධා කරන බවයි පැවසුවේ.
බල්ලා කිව්වේ කාටද
ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා මෙසේ බල්ලා කියමින් ඉලක්ක කළේ කවුරුන්දැයි යන්න කාටත් ප්‍රශ්නයක් වී තිබුණා.
ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා මෙසේ අදහස් දක්වමින් මුල් ගල් තැබූ මාර්ග ව්‍යාපෘතියට යළිත් මුල් ගලක් තැබුවා.
ඒ රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතා විසින්.
ඔහු සමග සුදර්ශන දෙනිපිටිය ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයාද පැමිණ සිටියා.
මග හැරි ප්‍රශ්නය
එහිදී ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා ඔහුට පෙර මෙම ව්‍යාපෘතියට මුල්ගල් තැබූ සිද්ධිය මාධ්‍ය විසින් විදානගමගේ රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළා.
එහෙත් ඔහු ඊට පිළිතුරු දුන්නේ නැහැ.
විදානගමගේ රාජ්‍ය අමාත්‍යවරයා නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාට ඉතා සමීප කෙනෙක්.