May 02, 2024

"මම ඉන්නෙත් ඔය ස්ථාවරයේ" - රසායන පොහොර තහනමට එරෙහිව ඩිලාන්ගෙන් වෙඩි මුරයක්

ජාතික රූපවාහිනියේ මහජන දිනය වැඩසටහනට එක්වෙමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයකු වන ඩිලාන් පෙරේරා මහතා රජයේ රසායනික පොහොර තහනම විශේෂයෙන්ම තේ වගාව සඳහා පනවා ඇති තහනම විවේචනයට ලක් කරනවා.

එම වැඩසටහනේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් සිය ස්ථාවරය හෙළි කලා.

රටට ඩොලර් එන තැන

"රසායනික පොහොර තහනම වී වලට හරියන්න පුළුවන්.එළවළු වලට හරියන්න පුළුවන්.ඒත් තේ කියන්නේ අපේ ප්‍රධාන අපනයන බෝගයක්.තේ වලට අවශ්‍ය පොහොර නිවැරදි කාලයට නොලැබුණොත් අපේ ඊළඟ අස්වැන්නට බලපෑමක් වෙනවා.ඒක අපේ තේ අපනයනයට බලපෑමක් වෙනවා.තේ ගන්න රටවල් කුඩා දෝෂයක් තිබුණොත් ආයෙත් ගන්නෙ නැහැ.අපේ වෙළඳපොළ නැති වෙන්න පුළුවන්.තරගකාරීව ඉන්නේ චීනය , ඉන්දියාව , කෙන්යාව.එතනින් එහාට අපට වෙළෙඳ පොළ නැති වෙනවා " මාධ්‍යවේදියා නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් මන්ත්‍රීවරයා කිව්වේ මෙන්න මෙහෙම කතාවක්.

"ඔබ සීයට සීයක් හරි.අපේ ඩොලර් ටික ගෙන්න ගන්න තියෙන තැන තේ.අපට ඩොලර් අඩුවෙන හින්දනෙ පෝට් සිටියක් ගහගෙන ආයෝජන ගේන්න හදන්නේ.ඩොලර් එන්න තියෙන තැන තේ. එතනට රසායන පොහොර දුන් නැත්නං ඒ ටිකත් නැහැ."

ඔය කතන්දරේ කියන්න ඕන එයාට

"ඔබ ඔය කියපු කතන්දරේ ජයසුන්දර මහත්තයා වගේ කෙනෙක් ගෝඨාභය මහත්තයට කියනවා නම් ගොඩක් හොඳයි.මොකද ඔබ කියන දේ ගෝඨාභය මහත්තයට ඇහෙන්නේ නෑනේ.තේ සම්බන්ධයෙන් ඕක තමයි හරිම ඇස්තමේන්තුව. මම ඉන්නෙත් එතනයි."

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 08 June 2021 22:02