May 03, 2024

රට හැර යන පෝලිම්... ආණ්ඩුවට වගේ වගක් නෑ - සජිත්

අද රටේ ආරක්ෂාවත්, ජාතික ආරක්ෂාවත්, සමාජ ආරක්ෂාවත් යනාදී සකලවිද ආරක්ෂාවන් උල්ලංඝනය වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

රටේ තරුණ පරපුර පෝලිමේ රට අතැර යන බව පැවසූ විපක්ෂ නායකවරයා ආණ්ඩුව රටට උරුමකොට ඇත්තේ පෝලිම් යුගයක් පමණක් බව කියා සිටියා.

ඔහු මේ බව පැවසුවේ කින්නියා අලිගාර් මහා විදුහලේ පැවැති "සක්වල"වැඩසටහනේ තෙවැනි අදියරට එක් වෙමිනි.

දේශයේ දරුවන්ට සුහුරු ලොවක දෑත් ඔසවනු පිණිස ක්‍රියාත්මක"සුහුරු පන්ති කාමර සඳහා පරිගණක තාක්ෂණික පුවරු" සහ නවීන පරිගණක පරිත්‍යාග කරන වැඩසටහනක් වන "සක්වල" වැඩසටහනෙන් රුපියල් හත්ලක්ෂ පනස්දහසක්  වටිනා සුහුරු පන්තිකාමර සඳහා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ත්‍රිකුණාමලය කින්නියා අලිගාර් මහා විද්‍යාලයට පරිත්‍යාග කිරීම ඊයේ (04) සිදුවිය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 05 January 2022 13:17