May 05, 2024

හමුදා නිලධාරීන්ගේ වැදගත්ම අංගය ජනපති පෙන්වා දෙයි

December 20, 2021

සුබවාදී බව, ආත්ම විශ්වාසය සහ කණ්ඩායමේ සිටින සෙසු පිරිස කෙරෙහි තබන විශ්වාසය නායකයෙකුගේ සාර්ථකත්වයේ හදවත බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ ඊයේ (19) පෙරවරුවේ පැවැති 96 වන විසිර යාමේ පෙළපාළිය පිළිගනිමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

සරල කාර්යය කෙරෙහි වුව ද දැඩි සැලකිල්ලක් දැක්වීම සහ සාමූහිකව වැඩ කිරීමේ හැකියාව පෝෂණය කිරීම හමුදාවේ ලක්ෂණයක් බවත් පුද්ගලයෙකු වශයෙන් කෙතරම් දක්ෂ හෝ කුසලතා සහිත වුව ද අන් අයගේ සහයෝගය නොමැතිව සාර්ථක වීමට නොහැකි බවද  ජනාධිපතිවරයා සඳහන් කළා.

නායකයෙකු ලෙස ගමන ආරම්භ කරන විට ඔබ යටතේ සිටින සොල්දාදුවන්, සාමාන්‍ය මිනිසුන් මිස සුපිරි මිනිසුන් නොවන බව වටහා ගත යුතු බවත් එවැනි සාමාන්‍ය මිනිසුන්ගෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබෙන ආකාරයෙන් ක්‍රියා කිරීම නායකයෙකුගේ වගකීම බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

වරින් වර පැන නගින පසුබෑම්, බාධක සහ දුෂ්කරතා මධ්‍යයේ වුව ද මිනිසුන්ට කරන තම මෙහෙවර කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත් පසුබෑම් ගමන් මගෙහි කොටසක් වන අතර ඒවාට සාර්ථකව මුහුණ දී නිර්භිත තීරණ ගැනීමට නායකයා සමත් විය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

Rate this item
(0 votes)
Last modified on Monday, 20 December 2021 09:48

Related items