May 19, 2024

එළැඹෙන ජනවාරියේ ලිට්‍රෝ ලොක්කා එලියට?

December 20, 2021

මතභේදාත්මක ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තේෂාර ජයසිංහ මහතා එළැඹෙන ජනවාරි මාසයේ එම ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බව ආණ්ඩු පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ සඳහා අවශ්‍ය වැඩ කටයුතු මේ වන විටත් සිදු වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

ප්‍රතිපත්තිමය තීන්දුව

එළැඹෙන ජනවාරි මාසයේදී අමාත්‍යංශ ලේකම්වරු , සභාපතිවරු හා අධ්‍යක්ෂක මණ්ඩල සංශෝධනයක් කිරීමට ආණ්ඩුව සූදානමින් සිටිනවා.

එහිම කොටසක් ලෙස ලිට්රෝ සමාගමේ මතභේදාත්මක සභාපතිවරයා එම ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

පොදුවේ අකාර්යක්ෂම හා මතභේදාත්මක අමාත්‍යාංශ ලේකම්වරු , සභාපතිවරු හා අධ්‍යක්ෂක මණ්ඩල ඉවත් කිරීමට අග්‍රාමාත්‍යවරයාගේද කැමැත්ත ලැබී ඇති බවයි දැනගන්නට තිබෙන්නේ.

මහජන විරෝධය

ගෑස් සිලින්ඩර පිපිරීම සම්බන්ධයෙන් ලිට්රෝ ගෑස් සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයට මහජන විරෝධය දැඩිව එල්ලවෙමින් තිබෙනවා.

මේ වන විට ඔවුන්ට විරුද්ධව අධිකරණයෙන්ද යම් යම් නියෝගද පනවා තිබෙනවා.

Rate this item
(2 votes)
Last modified on Monday, 20 December 2021 12:32