May 15, 2024

අද සිට "බන්දුල සේල්" : අවසන් දිනය 31

December 12, 2021

එළඹෙන උත්සවය සමය ඉලක්ක කොට බන්දුල ගුණවර්ධන වෙළෙඳ ඇමතිවරයා අද (12) සිට නව වැඩපිළිවෙලක් ආරම්භ කොට තිබෙනවා.

ඒ සහන මිලට හාල් , පරිප්පු , සීනි ඇතුළු භාණ්ඩ වර්ග 50ක් ලබා දීම සඳහා.

සතොස වැඩපිළිවෙළ

එම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන්නේ ලංකා ස.තො.ස හරහා.

ඒ අනුව නාඩු හාල් කිලෝවක් රු. 99.50 ටත් කීරි සම්බා වෙනුවට පාවිච්චි කළ හැකි සම්බා කිලෝවක් රු. 130 ටත් ගන්න පුළුවන් බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

එක් අයකුට කිලෝ 5 බැගින් ලබාදෙන බව පෙන්වා දෙන අමාත්‍යවරයා එම වැඩ පිළිවෙල දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මක වන බවත් සඳහන් කරනවා.

බඩු බිලට විසඳුම

අහස උසට නැග ඇති බඩු මිල ප්‍රශ්නය විසඳීමට හැකි නම් තමා එය ක්ෂණිකවම විසඳන බවත් අමාත්‍යවරයා සහන පැකේජය ලබාදෙන අතරතුර මතක් කර දෙනවා.

බැරි දේවල් කරන බව පවසා බොරුකාරයෙක් වී දේශපාලන හාල්පාරුවෙක් වීමට තමාට බැරි බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 12 December 2021 00:03