රඹුක්කන ප්‍රාදේශීය සභාව නියෝජනය කරන පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු බව කියන පුද්ගලයෙක් බලපත්‍ර නොමැතිව මහෝගනී කොටන් ලොරියක පටවා ගෙන යාමේදී කැගල්ල කලුගල්ල මාවතේ දි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ නාරම්බැද්ද විශේෂ කාර්ය බළකා නිලධාරින් විසින් ඊයේ සිදුකළ වැටලීමකදීය.
ඔහුටම අයත් ලොරියකින් මෙම කොට තොගය ප්‍රවාහනය කර ඇති අතර ඔහුම එම ලොරිය පදවා ගෙන ගොස් ඇතැයි වාර්තා වනවා.
සැකකාර මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් පසූ පොලිස් ඇපමත මුදාහැර තිබෙනවා.
කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ලබන 8 වැනි දා නැවත පෙනී සිටින ලෙස දන්වා තිබෙනවා.