May 03, 2024

කට්ටි පැන්න පිස්තෝල නගරාධිපතිට ඇප

September 19, 2021

ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී එහි සිටි ආරක්ෂකයින් දෙදෙනෙකුට පහරදී තුවාල කළැයි කියන සිද්ධියකට අදාළව ට හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා අද (19) පොලිස් ඇප මත මුදා හැරි බව බම්බලපිටිය පොලීසිය පවසනවා.

පොලිස් ඇප මත එරාජ් ප්‍රනාන්දු මහතා මුදා හැර ඇත්තේ මෙම සිද්ධියට අදාළව සමත මණ්ඩලයේ පෙනී සිටින ලෙස දන්වමින්ය.

මෙම වරද සමථ මණ්ඩලයක විසදිය විය යුතු එකක් බැවින් සමථමණ්ඩලයේ පෙනී සිටින ලෙසට දෙපාර්ශවය දැනුම් දුන් බවද පොලිසීය සඳහන් කරයි.

බම්බලපිටිය කොතලාවල ඇවනිව් හි පිහිටි ඉඩමකට කඩා වැදුණු හම්බන්තොට නගරාධිපතිවරයා එහි සිටි ආරක්ෂක නිලධාරීන් දෙදෙනකුට පහර දී තිබුණේ ඉකුත් 15 වැනිදා ය.

එරාජ් ප්‍රනාන්දු මහතා පහර දී තුවාල ලද බව කියන ආරක්ෂක නිලධාරීයකු කොළඹ ජාතික රෝහලටට ඇතුළත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබා ගෙන ඉන් පිටව තිබුණා.

මෙම සිද්ධියට අදාළ ඉඩමට දෙපාර්ශවයක් අයිතිවාසිකම් කියන අතර මෙම ආරවුල සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසිය මින් ඉහතදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ 66 වගන්තිය ප්‍රකාරව නඩු පැවරීමක් ද සිදු කර තිබෙනවා.

මෙම තත්ත්වය හේතුවෙන් අදාළ පාර්ශ්වයන් දෙකම එම ඉඩමට වෙන් වෙන් වශයෙන් ආරක්ෂකයින් යොදවා ආරක්ෂාව ලබා දෙමින් තිබූ බවද පැවසෙනවා.

එරාජ් ප්‍රනාන්දු මහතා මින් ඉහත දී ද මෙම ඉඩමට අයුතු ලෙසින් අයුතු ලෙසින් ඇතුළුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසියට කරුණු වාර්තා වී තිබූ බවද බම්බලපිටිය පොලීසිය සඳහන් කරනවා.

Rate this item
(0 votes)