May 15, 2024

ඉදිරිය දුෂ්කරයි - වෙළඳ ඇමතිගෙන් ප්‍රකාශයක්

November 21, 2021

1930 දී ලෝක ආර්ථික අවපාතයෙන් පසු ඇති වූ අමාරුම යුගය මේ යුගය බවත් මේ නිසා රට තුල ඉදිරියේදී මීට වඩා දුෂ්කර අවදියක් වීමට ඉඩ ඇති බැව් වෙළද ඇමති බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ගාල්ල කළේගානේ නව සතොස ශාඛාව විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළා.

හෙතෙම මෙසේද සඳහන් කළා,

"කොවිඩි 19 නිසා ඇති වූ මේ තාවකාලික පිඩනය තුල ඉන්ගොඩයාම සදහා  අපේ රටේ සම්පත් හා මිනිසුන් මත වැඩි විශ්වාසය තියෙන ජාතික ආර්ථිකයක් ගොඩ නගා ගැනීම සදහා අප සියලුදෙනා කටයුතු කළ යුතුයි. ඒ සදහා මෙරට තුල ඉදිරියේ දි මීට වඩා දුෂ්කර අවදියක් වෙන්න පුළුවන්. ඔස්ට්‍රේලියාව තමයි චිනයට ගල්අගුරු සපයන්නේ. ඔස්ට්‍රේලියාව චිනයට ගල්අගුරු සැපයිම නතර කරලා තියෙනවා. චිනයේ ප්‍රධාන බලශක්ති ප්‍රභවය තමයි ගල් අගුරු. කර්මාන්ත වැඩ කරන්නේ ගල් අගුරු වලින්. ලෝකයේ වැඩිම නිෂ්පාදනය හා ජනගහනය ඉන්න රට තමයි චිනය. චිනයේ බොහෝ ප්‍රාන්තවල එක් දිනයි වැඩ කරන්නේ. දින 04ක් සියලුම කර්මාන්තශාලා වහලා. අපේ රටේ කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය වැඩි වශයෙන් ගෙන්නේ චිනයෙන්. රෙදි අපි චිනයෙන් ගෙනවා. චිනයේ කර්මාන්තශාලා වසා දැමූ විට චිනයේ භාණ්ඩ හිගවෙනවා. ලෝකයේ භාණ්ඩ හිගවෙනවා. ලෝකයේ භාණ්ඩ හිග වූ විට අපිට ඒ කර්මාන්ත පවත්වාගෙන යන්න අසීරු වෙනවා. ඒ නිසා මේ යුගය වගකිමෙන් හා ඉවසිමෙන් යුතුව කටයුතු කළ යුතුය."

"මුළු ලෝකය පුරාම නිෂ්පාදනය කඩා වැටිලා තියෙනවා. හුවමාරු ක්‍රියාවලිය සුමට ලෙස සිදුවන්නේ නැහැ. කන්ටේනර් ගාස්තු සියයට 1040කින් වැඩිවෙලා තියෙනවා. නැව් ගාස්තු සියයට 300කින් වැඩිවෙලා තියෙනවා. ලෝකයේ සෑම රටක්ම වසා තැබිම නිසා කර්මාන්තශාල ලක්ෂ ගණනක් වහලා තියෙනවා. කෝටි ගණනකට රැකියා නැතිවෙලා තියෙනවා. 2018 වර්ෂයේ දී මෙරටට සංචාරකයින් ලක්ෂ 23ක් පැමිණියා සංචාරක ව්‍යාපාරයෙන් වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 04ක් 05ක් වසරකට ලැබුණා. සංචාරක ව්‍යාපාරය කඩාවැටිමේ වගකිම පසුගිය රජය විසින් භාරගත යුතුයි. ත්‍රස්තවාදි  ප්‍රහාරයක් එල්ලවෙන බව හොදටම දැනගෙන ඒ සදහා කිසිදු පියවරක් නොගැනිම නිසා  පාස්කු ප්‍රහාරයෙන් සංචාරකයින් විශාල පිරිසක් මියගියා. ඒ නිසා ඇතිවු කළුපැල්ලම නිසා සංචාරකයින් නොපැමිණිය යුතු රටක් ලෙස ලංකාව හංවඩු ගැසුනා. කොවිඩි 19න් පසුත් සංචාරකයින්  සිමා වුණා. ඒ නිසා අහිමි වු මුදල් ඇමරිකානු ඩොලර් 05කට වඩා වැඩියි. ඒ මුදල ඉතා විශාල ධනස්කන්දයක්. ජීවන විදයම අර්බුදයට පිළියමක් ලෙස සතොස ජාලය ව්‍යාප්ත කිරීමට කටයුතු කරනවා. රටේ වෙළදපොළට දැනෙන බලපෑමක් මේ දිනවල සතොස හරහා කරගෙන යනවා. ඉදිරියේ දි සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයකට සතොස ශාඛා 03 බැගින් ලංකාව පුරා සතොස ශාඛා ජාලය ලබන වර්ෂය වන විට 1000ක් දක්වා වැඩි කරනවා." යැයි ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

වැවිලි කර්මාන්ත ඇමති දොස්තර රමේෂ් පතිරණ, බෝපෝ පොද්දල ප්‍රාදේශිය සභාවේ සභාපති  දිල්රුක් අබේකෝන්, හිටපු පළාත් සභා මන්ත්‍රි චානක මාදුගොඩ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ සදහා එක්ව සිටියා.

(ගාල්ල - ලලිත් චාමින්ද)

Rate this item
(0 votes)