April 30, 2024

අයවැය 2022 (LIVE UPDATE)

November 12, 2021


පාර්ලිමේන්තුව හෙටට කල් තබයි.


මහ ජනතාවට බරක් නොවී මහජන බදු මුදල් අය කිරීමට අප කටයුතු කර තිබෙනවා.


බැඳුම්කර සිද්ධියේ දී පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම අයථා අයුරින් උපයන ලද රුපියල් බිලියන 8.5 ක මුදල මහා භාණ්ඩාගාරයට


අනතුරුවලට ලක්වන මෝටර් රථවලින් ගාස්තුවක් අය කිරීමට යෝජනා කරනවා.


නිදහස් කර නොගෙන ශ්‍රී ලංකා රේගුවේ තිබෙන සියලු වාහන නිදහස් කරනවා. මෙලෙස නිදහස් කරන්නේ අදාළ බදු සහ දඩ ගැනීමෙන් අනතුරුවයි.


බැංකු හා මූල්‍ය සේවා ආයතන විසින් මූල්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් අගය එකතු කිරීම මත අය කරන බද්ද සියයට 15 සිට සියයට 18 දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා.


වහාම ක්‍රියාත්මක වන පරිදි සුරාබද්ද වැඩි කරනවා.රුපියල් බිලියන 25 ක ආදායමක් මෙයින් අපේක්ෂා කරනවා.


සිගරට් නිෂ්පාදන බද්ද වැඩිකරනවා . සිගරට්ටුවක මිල රුපියල් පහකින් වැඩි කරනවා


වෘත්තියවේදීන්ගේ කාර්යභාරය ඉටුකිරීම පහසු කරලීම උදෙසා වෘත්තියවේදීන්ගේ සංගම්වලට රුපියල් මිලියන 100 ක ප්‍රතිපාදන අයවැය යෝජනාවලට ඇතුළත් කිරීමට යෝජනා කරනවා


එක් වරක් පමණක් අය කරන බදු රුපියල් මිලියන 2000 වඩා ආදායමක් ලබන පුද්ගලයන් හා සමාගම් මත 25% ක බද්දක් අයකරනවා .මෙයින් රුපියල් මිලියන සීයක් උපයා ගැනීමට අපේක්ෂා කරනවා.


2015 සිට 2019 කාලය තුළ දේශපාලන පලිගැනීමට ලක් වූවන්ට වන්දි ගෙවීම පසුගිය පාලන සමයේ මෙරට තුළ ප්‍රතිවාදී දේශපාලන මතදාරීන් ඉතා අමානුෂික ලෙස පීඩාවට ලක් කළා ඔවුන්ගේ පරපීඩක මානසිකත්වය අපට තේරුම් ගත නොහැකිය තරම්ය. එම යුගය තුළ අපට අසාධාරණයට ලක් වූවන්ට විවිධ පීඩාවන්ට ගොදුරු වූවන්ට සහන සැලසීම අපේ යුතුකමක් ඒ සියල්ලන් වෙත සියල්ල ඉටුකිරීම වෙනුවෙන් තවත් මිලියන සීයක් වෙන් කිරීමට කටයුතු කරනවා.


අතුරුදහන් වුණු වූවන්ට වන්දි ගෙවීම සඳහා තවත් රුපියල් මිලියන තුන්සියයක් වෙන් කරනවා.


බෞද්ධ විහාරස්ථාන නඩත්තු කටයුතු සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කිරීමට යෝජනා කරනවා.


රාජ්‍ය සේවකයන්ට යතුරුපැදි ලබාදීම සඳහා රුපියල් මිලියන 500 ක් ද විශ්‍රාම වැටුප් විෂමතාවය ඉවත් කිරීමේ මූලික කටයුතු සඳහා රුපියල් මිලියන 500ක් ද වෙන් කරනවා.


සියලූ උපාධිධාරීන්ට ලබන ජනවාරියේ සිට ස්ථිර පත්වීම් දෙනවා.ඒ සඳහා මිලියන 7600 ක් වෙන් කරනවා.


ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය ඉවත් කිරීම සඳහා රුපියල් මිලියන තිස් දහසක් වෙන් කරනවා.


දිළිඳු පවුල් සඳහා සහන මල්ලක් ලබාදීමට රුපියල් මිලියන පහළොස් දාහක් වෙන් කිරීමට යෝජනා කරනවා.


රාජ්‍ය සේවය සඳහා සේවාලාභීන් කේන්ද්‍ර ගත රාජ්‍ය සේවය කිරීම සඳහා දැනට වෙන් කර ඇති මුදලට අමතරව තවත් රුපියල් මිලියන 500, දැනට මිලියන 3500 කරල තියනවා. ඊට අමතරව ලබා දෙනවා


ගෘහ ආරක්ෂිත සුරක්ෂිත කිරීම සඳහා රුපියල් මිලියන 3100 වෙන් කරනවා.ගැබිනි මාතාවන් සඳහා මාස විසි හතරක් දක්වා පෝෂණ මල්ලක් ලබා දීමට මිලියන දහසක් දහසක් දෙනවා.


දේශපාලන පළිගැනීමට ලක්වූවන් සඳහා වන්දි ගෙවීමට රුපියල් මිලියන සීයක් වෙන් කරනවා.


විශේෂ අවශ්‍යතා සහිත ළමයින් ට සහ වැඩිහිටියන්ට පහසුකම් සැලසීමට තවත් රුපියල් මිලියන 200 වැඩි කිරීමට යෝජනා කරනවා.


මගී ප්‍රවාහනය දුම්රිය හා ලංගමට දැනට වෙන්කර තියන වාර්ෂික අයවැයෙන් වෙන් කරල තියන මුදලට අමතරව තවත් මිලියන 2,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා


මහජන ආරක්ෂාව සඳහා පොලිසියට තවත් රුපියල් මිලියන 500 ක් ද, බන්ධනාගාර රැඳවියන්ගේ සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීම සඳහා නමක් රුපියල් මිලියන දෙසීයක් ද වෙන් කිරීමට යෝජනා කරනවා.


වෘත්තීය හා තාක්ෂණික පුහුණු කටයුතු සඳහා තවත් රුපියල් මිලියන දෙදහක් වෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා


සුළු වාරිමාර්ග ප්‍රතිසංස්කරණය සඳහා තවත් රුපියල් මිලියන 2000ක් ද වෘත්තීය සහ තාක්ෂණික පුහුණු කටයුතු සඳහා තවත් රුපියල් මිලියන 2000ක් ද දුම්රිය සහ ලංගම සඳහා තවත් රුපියල් මිලියන 2000ක් වෙන් කරනවා.


හෙල වෙදකම දියුණු කිරීම සඳහා රුපියල් මිලියන පන්දාහක් වෙන්කරනවා.


ක්‍රීඩා පහසුකම් දියුණු කිරීම සඳහා තවත් රුපියල් මිලියන 3000ක් වෙන් කරනවා.


ජාතික පාසල් දහසක් ඇති කිරීමේ කටයුත්ත සඳහා දැනටමත් මිලියන 2,000 ක් වෙන් කර තිබෙනවා.එය කටයුතු කිරීම සඳහා තවත් මිලියන 5300 ක ප්‍රතිපාදන වෙන් කරනවා.


ගංගා නිම්න පරිසර සංරක්ෂිත ලෙස සංරක්ෂණය කරනවා.පරිසර සංරක්ෂණය සඳහා රුපියල් මිලියන දෙදහසක් වෙන් කරනවා. වනජීවි ආරක්ෂණය සඳහා තවත් රුපියල් මිලියන දහසක් වෙන් කරනවා.


පාසල් වෑන් රථ රියදුරන්ට සහන සැලසීමට රුපියල් බිලියන 600ක් වෙන් කිරීමට යෝජනා කරනවා.


සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට විමධ්‍යගත අයවැය සඳහා මිලියන 5 කින් වැඩි කරනවා.ඒ අනුව මිලියන 3 375ක් වෙන් කිරීමට යෝජනා කරනවා.


ඒ වගේම කුඩාම පළාත් පාලන ආයතන ඒකකය තමයි කොට්ඨාසය. කොට්ඨාස අර්ධ සමිතිය දාහක් ලංකාවේ කියනවා ඒ හැම කොට්ඨාසයකටම මිලියන හතරක් නැත්තං ලක්ෂ හතළිහක්


වාරි සෞභාග්‍යය වැඩසටහන සඳහා දැනට වෙන් කළ මුදලට අමතරව රුපියල් මිලියන විසි දහසක් වෙන් කිරීමට යෝජනා කරනවා.වතු නිවාස දියුණු කිරීම සඳහා රුපියල් මිලියන පන්සීයක් වෙන් කිරීමට යෝජනා කරනවා.


අපනයන නිෂ්පාදන සංවර්ධනය යටිතල පහසුකම් සැපයීම සඳහා රුපියල් මිලියන 5000ක් වෙන් කිරීමට යෝජනා කරනවා. කර්මාන්ත නගරයෙන් ගමට ගෙන යනවා.කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයින්ට අවශ්‍ය පහසුකම් සැලසීමට රුපියල් මිලියන 5000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.


2021 වසරේදී කුකුල් මස් අපනයන කිරීමට අපිට හැකි වුණා. ඒත් කිරි නිෂ්පාදනය සම්බන්ධයෙන් තවදුරටත් අපි වෙහෙසිය යුතු බව හැඟෙනවා. විශාල ධනස්කන්ධයක් කිරිපිටි ආනයනය සඳහා වැය කරනවා. ඒ නිසා කිරි නිෂ්පාදනය ඉහළ නංවා දියර කිරි පරිභෝජනය වැඩි කිරීම සඳහා දැනට විසර්ජන පනතින් වෙන්කොට ඇති මුදලට අමතරව තවත් රුපියල් මිලියන 1000 ක් වෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා.


අපනයන බෝග වගාවන්ට සිදුවී ඇති පසුබෑම හදුනාගෙන එය නැවත සංවර්ධනය සඳහා වෙන් කළ මුදලට අමතරව තවත් රුපියල් මිලියන දස දහසක් වෙන් කිරීමට යෝජනා කරනවා


වල් පැලෑටි මර්දනය සඳහා හෙක්ටයාර් දෙකකට නොවැඩි උපරිමයකට යටත්ව හෙක්ටයාරයකට රුපියල් 5000 ක ආධාර මුදලක් ලබාදීමට යෝජනා කරනවා.


අධික විෂ රසායනයන්ගෙන් තොරව නාශක ක්‍රමවේදයන් වෙනුවෙන් රුපියල් මිලියන 4000ක් වෙන් කෙරේ.


රාජ්‍ය නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ ඉන්ධන දීමනා මසකට ලීටර් 5 කින් අඩු කෙරේ.


එළඹෙන 2022 මුදල් වර්ෂය සඳහා රජයේ මූල්‍ය කළමණාකාර වැඩ සටහනේ වියදම් යෝජනාවලිය හෙවත් ආයෝජන සැලැස්ම මෙතන සිට ඉදිරිපත් කිරීම.


වෙනත් වෘත්තිය සමිතියක සාමාජිකුව සිටිය දී රජයේ වෘතීය සංගමයක සාමාජිකත්වයට ලබා දී ඇති සීමා ඉවත් කරනවා.කෘෂිකර්මාන්තයට වැඩි ආයෝජනයක් කරනවා


කෘෂිකාර්මික නිෂ්පාදනවලට හොඳ මිලක් ලැබෙන කෘෂි කර්මාන්තයේ අවදානම අවම කරන ජාතික වැඩ පිළිවෙළක් සකස් කරනවා.හරිත කෘෂිකර්ම පනතක් ඉදිරිපත් කරනවා.


විදේශ සහ දේශීය අපනයන කරුවන්ගේ අපනයනකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නීති කෙටුම්පත් කරනවා.


විදේශ සේවා නියුක්ති ගෙන් ලැබෙන විදේශ විනිමය ඉහළ නැංවීමේදී රැකියා සඳහා විදේශගත වීමට අවශ්‍ය දැනුම පුහුණුව සහ අනෙකුත් අවශ්‍යතා ලබා දීමට දැනට පවතින රජයේ පහසුකම් වැඩි දියුණු කරන අතර විදේශ රටවල විදේශ රටවල තානාපතිවරුන් සමඟ සාකච්ඡා කර ඒ සඳහා පවතින අවස්ථා අවස්ථා වැඩි කිරීමට යෝජනා කරනවා


දුම්රිය දෙපාර්තමේන්තුවේ ඵලදායී ලෙස ප්‍රයෝජනයට නොගන්නා ඉඩම් මිශ්‍ර සංවර්ධන කටයුතු සඳහා යොදා ගන්නවා.


කොළඹ වරාය අන්තරාල වරායක් ලෙස ද ත්‍රිකුණාමලය වරාය කර්මාන්ත වරායක් ලෙස ද ගාලු වරාය සංචාරක වරායක් ලෙස ද හම්බන්තොට වරාය සේවා වරායක් ලෙස ද සංවර්ධනය කරනවා.


දුම්රිය දෙපාර්තමේන්තුවේ ඵලදායී ලෙස ප්‍රයෝජනයට නොගන්නා ඉඩම් මිශ්‍ර සංවර්ධන කටයුතු සඳහා යොදා ගන්නවා.සෑම දිස්ත්‍රික්කයකම නවීන පන්නයේ රෝහලක් සහ පාසලක් ඇරඹීමට ආයෝජකයන් දිරි ගන්වනවා.


කෘෂිකාර්මික නිෂ්පාදන වලට හොඳ මිලක් ලැබෙන, කෘෂි කර්මාන්තයේ අවදානම අවම කරන ජාතික වැඩ පිළිවෙළක් සකස් කරනවා.හරිත කෘෂිකර්ම පනතක් ඉදිරිපත් කරනවා.


කාන්තාවන්ට සහ තරුණයන්ට වගා නොකළ ඉඩම් ලබා දී නව කෘෂි ව්‍යවසායකයින් බිහි කරනවා.ඉඩම් උපරිම පරිභෝජනය කිරීම සඳහා නව නීති හඳුන්වා දෙනවා.


කාබනික පොහොර නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම ගම් මට්ටමින් සිදු කරනවා.


සුවතා සංචාරක කේන්ද්‍රයක් ලෙස ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමට අවශ්‍ය පසුබිම කඩිනමින් සකසනවා.පාරම්පරික හෙළ වෙදකම ප්‍රවර්ධනය කිරීම සඳහා නව වැඩපිළිවෙලක් සකස් කරනවා


විදුලි හා ඉලෙක්ට්‍රොනික් උපකරණ නිෂ්පාදන අමුද්‍රව්‍ය අඩුකරනවා. පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදන මෙවලම් දේශීයව නිෂ්පාදනය කිරීමට යෝජනා කරනවා


රබර් ආශ්‍රීත නිශ්පාදන ආනයනය සීමා කිරීමටත්,රබර් ආශ්‍රිත නිශ්පාදන කර්මාන්ත දිරිගැන්වීමටත් යෝජනා කරනවා.


මැණික් හා ස්වභාවික ඛනිජ සම්පත්වල ලෝක වෙළෙඳ පොළේ පංගු කාරිත්වය වැඩි කිරීමට කටයුතු කරනවා.ශ්‍රී ලංකාව මැණික් මිලදී ගැනීමේ ප්‍රධාන මධ්‍යස්ථානය බවට පත්කිරීම අපේ අරමුණයි.


ඇඟලුම් කර්මාන්තය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය නිෂ්පාදනය සහ එම නිෂ්පාදන ප්‍රවර්ධනය තුළින් ජාත්‍යන්තර වෙළෙඳපොළේ නව ව්‍යාපාර කිරීමට යෝජනා කරනවා


ඖෂධ නිෂ්පාදනය සඳහා අන්තර්ජාතික පිළිගැනීමක් සහිත සමාගම් සමඟ එකතු වී ඉහළ ප්‍රමිතියෙන් යුතු ඖෂධ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමට පෞද්ගලික අංශයට පහසුකම් ලබා දෙනවා.ඖෂධ මිල සඳහා පත් කර ඇති කමිටුවේ යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කරනවා.


තරුණ පරපුර රැකියා සොයන්නන් බවට පත් නොකර ව්‍යවසායකයන් බවට පත් කිරීමේ වැඩසටහනක් සකස් කරනවා.


පලතුරු, එළවළු, මත්ස්‍ය නිෂ්පාදන ,දියර කිරි ,නිෂ්පාදනය හා වාණිජ බෝග වගාවන් ඇතුළු වගාවන් ගැටළු අවශ්‍යතා වූණ සමාලෝචනය කර දේශීය හා විදේශීය වෙළෙඳපොළ ඉලක්ක නිෂ්පාදනය කිරීමට කටයුතු කළ යුතුය යෝජනා කරනවා


නව විවසාය ඇරඹුම් වලට 2022 වසරේ පමණක් ලියාපදිංචි ගාස්තු අය නොකෙරේ


විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ අවශ්‍යතා පනතක් හඳුන්වා දෙනවා .ඔවුන්ගේ ව්‍යසායකත්වය හා කුසලතා සංවර්ධනය කරන්නට වැඩසටහනක් සකස් කරනවා.


ඉහළ යන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් රැකගැනීම සඳහා සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් සකස් කරනවා .විශ්‍රාම වැටුප් ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස් කරනවා.


ත්‍රීරෝද රථ නියාමන අධිකාරියක් පිහිටුවීමට යෝජනා කරනවා. ත්‍රීරෝද රථ ලක්ෂ 7 කට වඩා තිබෙනවා.


ගුවන් විදුලි හා රූපවාහිනී සංඛ්‍යාත පැවරීම විවෘත වෙන්දේසියක් යටතේ පමණක් සිදු කරනවා.


රුපියල් බිලියන දෙදහකට වැඩි මුදලක් බදු ආදායම් ලෙස එකතු වන්නේ නැහැ.


මුළු රටම රට ම ආවරණය වන පරිදි විදුලි සංදේශ ජාලයක් ආරම්භ කරනවා. සෑම පාසලකටම ෆයිබර් ඔප්ටික් ලබා දෙනවා.


බදු නියමිත පරිදි අයකරගෙන රාජ්‍ය බදු ආදායම වැඩි කර ගැනීමට කටයුතු කරනවා.


ආනයන අපනයන ක්‍රමවේදය පහසු කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කරනවා.ඒ සඳහා ඊට අදාළ සියලු ආයතන ඒකාබද්ධ කිරීමට කටයුතු කරනවා.


සමාජ තත්ත්වයන් මත පදනම්ව සමෘද්ධි ව්‍යාපාරය නවීකරණය කිරීමට යෝජනා කරනවා


රක්ෂණ සංස්ථාවේ දේපළ සහ ජීවිත රක්ෂණ ඒකාබද්ධව පවත්වාගෙන යෑමට නීති සංශෝධනය කරනවා


සමුපකාර හා ග්‍රාමීය බැංකු තැන්පත්කරුවන්ට සිදුවී ඇති මූල්‍ය හානි ප්‍රතිපූර්ණය කර සහන ලබාදීමට සමුපකාර ව්‍යාපාරය ශක්තිමත් කරනවා.


සමෘද්ධි ව්‍යාපාරය නවීකරණයට. සමෘද්ධි ව්‍යාපාරය ග්‍රාම සංවර්ධන ව්‍යාපාරයක් බවට පත් කිරීම අරමුණයි


රාජ්‍ය ආයතනවල දුරකථන වියදම සියයට 25 කින් කපා හරිනවා.


රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්නා වයස, අවුරුදු 65 දක්වා දීර්ඝ කරනවා


රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කර නව වැටුප් ව්‍යුහයක් ආරම්භ කරනවා.වැටුප් වර්ධක නියම කාලයට ලබාදීමට කටයුතු කරනවා.


සෑම රාජ්‍ය ආයතනයක් සඳහාම පාරිභෝගික සේවා පොරොන්දු පත්‍රයක් සකස් කිරීමට කටයුතු කරනවා


පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේම විශ්‍රාම කාලය වසර 10 දක්වා දික් කිරීමට යෝජනා කරනවා.


දැනට ඉදිකරමින් පවතින කාර්යාලය හැර නව කාර්යාලය ඉදිරි කිරීම වසර පහකට අත්හිටුවනවා.


කෙටිකාලීන අපහසුතා ඇති වූවත් මැදි හා දිගුකාලීන පරමාර්ථයන් සාක්ෂාත් කර ගැනීමට හැකි වෙනවා.


රාජ්‍ය ව්‍යවසාය පවත්වාගෙන යාමට කර ඇති වියදම රුපියල් බිලියන 670ක්. අයවැය යෝජනා ලබා ගත්තේ සමාජයේ සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි


වැඩිහිටි ජනගහනය ඉහළ යාම ඉදිරි දශකයේ අභියෝගයක්


විදේශ විනිමය ලබා ගැනීමට නව ප්‍රවේශයක් අවශ්‍යයි.


විදේශ සංචිත හැකිලෙමින් තිබෙනවා. රුපියලේ අගය පහළ යමින් තිබෙනවා.


තොරතුරු තාක්ෂණ සේවය පුළුල් කළ යුතුයි.


මිත්‍රශීලි ද්විපාර්ෂික හා බහු පාර්ශ්වික සබඳතා ඇති කරගෙන තිබෙනවා.


අපේ බැංකු පද්ධතිය අපි ආරක්ෂා කළා.


නිෂ්පාදික ආර්ථිකයට වැඩි බරක් ලබාදීමට කටයුතු කරනවා.


කුඩා නිෂ්පාදකයාගේ සිට මහා පරිමාණ නිෂ්පාදකයා දක්වා පහසුකම් නැංවිය යුතුයි.


ජනගහණයට සාපේක්ෂව නිෂ්පාදනය වැඩි  කිරීමට අප සමත්වී නැහැ.


අපේ අවාසනාවකට අපේ සංවර්ධන ගමනට අකුල් හෙළන බාධක සමූහයක් අපි හමුවේ තියෙනවා.


තවදුරටත් මේ රටේ ත්‍රස්තවාදයට ඉඩක් නෑ, අපේ රට ලෝකයේ ස්ථාවර රටවල් අතුරින් එකක්.


අපි කී දේ කළ ආණ්ඩුවක්, අපි කොඩිව් මර්දන එන්නත්කරණ ඉලක්ක සපුර‌ගෙන අවසන්, ගොඩක් අය අපව හඳුන්වන්නේ Vaccinated nation in Asia කියලා.


නිෂ්පාදන ආර්ථිකවලට වඩා වාණිජ ආර්ථිකයක් ඇති අපි වගේ රටවල්වලට වසංගතයේ බලපෑම් එල්ල වී තිබෙනවා. භාණ්ඩාගාරයට ලැබෙන ආදායම් අඩුවී තිබෙනවා. අහිමි වී තිබෙන ආදායම රුපියල් බිලියන 500කට වැඩියි. ආර්ථිකය හැසිරවීමට අවශ්‍ය සියලුම ශක්තීන් තිබෙනවා.


අයවැය ඉදිරිපත් කරන්නේ ගෝලීය අර්බුද පහක් හමුවේයි. වසංගතය හමුවේ පොසතුන් තව තවත් පෝසත් වෙන අතර දුප්පතුන් තව දුරටත් දුප්පතුන් බවට පත්ව තිබෙනවා.


මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු ඝර්භයට පැමිණියා. ඔහු මේවන විට අයවැය යෝජනාව ඉදිරිපත් කරමින් සිටිනවා. මින් ඉදිරියට යාවත්කාලීන වන්නේ ඔහු ඉදිරිපත් කරන කරුණු යි.


2022 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන කෙටුම්පත හෙවත් රජයේ අයවැය ලේඛනය දෙවන වර කියවීම අද (12) සිදු කිරීමට නියමිතව තිබෙනවා.

එය කියවීම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අද පස්වරු 2.00 ආරම්භ කිරීමට නියමිත යි.

මෙය නිදහස් ශ්‍රී ලංකාවේ 76 වැනි අයවැය ද වනවා.

රජයේ අයවැය ලේඛනය මුදල් ඇමතිවරයා විසින් පසුගිය මස 07 වැනිදා පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.


Rate this item
(2 votes)
Last modified on Friday, 12 November 2021 22:02