May 01, 2024

බෑග්වලින් කාන්තා සිරුරු හමුවෙද්දී කොළඹ දැරියන් 3ක් අතුරුදන්!

November 09, 2021

ගැහැණු ළමුන් තිදෙනෙකු අතුරුදන්වීමේ පුවතක් කොළඹ, කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ බාලවයස්කාර දැරියන් තිදෙනෙක්.

මෙම දැරියන් වයස අවුරුදු 13 සිට 15 දක්වා වයස් සීමාවල පසු වන බව කෙසෙල්වත්ත පොලීසිය සඳහන් කළා.

ඔවුන් තිදෙනාගෙන් දෙදෙනෙකු එකම පවුලේ සොයුරින් බව පැවසෙනවා.

අනෙක් දැරිය ඔවුන්ගේ ඥාති සහෝදරියක බව  සඳහන්.

නිවසේ සිටි දැරියන් තිදෙනා අතුරුදන් වී ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති අතර මේ සම්බන්ධව කෙසෙල්වත්ත පොලීසිය විමර්ශන ආරම්භ කොට තිබෙනවා.

යාවත්කාලීනය: අතුරුදන් වූ දැරියන් තිදෙනා සොයාගනී

Rate this item
(0 votes)
Last modified on Wednesday, 10 November 2021 08:59