කෙසෙල්වත්ත ප්‍රදේශයේ දී අතුරුදන් වූ දැරියන් තිදෙනා යළි හමු වී තිබෙනවා.
ඔවුන් පදිංචිව සිටි නිවසට මෙම දැරියන් තිදෙනා යළි පැමිණ ඇති බව යි පැවසෙන්නේ.
මෙම දැරියන් අතුරුදන් වූ බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණේ පසුගිය 08 වැනි දා යි.
මෙලෙස අතුරුදන් වී තිබුණේ බාලවයස්කාර දැරියන් තිදෙනෙක්.
මෙම දැරියන් වයස අවුරුදු 13 සිට 15 දක්වා වයස් සීමාවල පසු වන බව කෙසෙල්වත්ත පොලීසිය සඳහන් කළා.
ඔවුන් තිදෙනාගෙන් දෙදෙනෙකු එකම පවුලේ සොයුරින් බව පැවසෙනවා.
අනෙක් දැරිය ඔවුන්ගේ ඥාති සහෝදරියක බව සඳහන්.
මෙම දැරියන් නිවසෙන් පිටවූ හේතුව හෝ එලෙස පිටත්වී කුමන ස්ථානයක රැඳී සිටියේ ද යන්න මෙතෙක් වාර්තා වන්නේ නැහැ.
පෙර පුවත: බෑග්වලින් කාන්තා සිරුරු හමුවෙද්දී කොළඹ දැරියන් 3ක් අතුරුදන්!