May 16, 2024

ජනතාවට බන්දුල දැමූ කොන්දේසිය නීති විරෝධීයි

November 05, 2021

ප්‍රමුඛ අත්‍යාවශ්‍ය භාණ්ඩ වන සහල් සහ සීනි සතොසින් මිලදී ගැනීම සඳහා එම භාණ්ඩ දෙක සමඟ තවත් භාණ්ඩ 5ක් මිලදී ගත යුතු බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා සඳහන් කළා.

ඒ සඳහා පාරිභෝගික ජනතාවගෙන් ඊට එල්ල වුණේ දැඩි විරෝධයක්.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යාංශයේ උපදේශක ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා සඳහන් කළේ බඩු මිලදී ගැනීම සඳහා පැමිණෙන පාරිභෝගිකයින් සඳහා කොන්දේසි දැමීමට කිසිසේත්ම හැකියාවක් නොමැති බවයි.

"රාජ්‍ය ආයතනයකට ගියාම ඒ ආයතනය කියනවා නම් වෙළඳාම කරන්න පුළුවන් වෙන්නේ මේ භාණ්ඩ ගත්තොත් පමණයි තමන්ට අවශ්‍ය භාණ්ඩය ලබා දෙන්නේ කියලා ඒක සම්පුර්ණ වැරදි ක්‍රියාවක්. ඒක නීතියට පටහැනි ක්‍රියාවක්. පාරිභෝගික ආරක්ෂණ පනතේ 11 වැනි වගන්තියේ පැහැදිලිවම සඳහන් වෙනවා වෙළඳ ආයතනය ඒ භාණ්ඩ තමන් සතුව තියෙනවා නම් ඒ අය එන පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය මත පාරිභෝගිකයාට එය ලබා දිය යුතුයි. ඒ අය‍ට කියන්න බැහැ ඒක දෙන්න බැහැ ආයතනයේ තවත් අවශ්‍ය භාණ්ඩ ලබා ගත්තොත් පමණයි ඒක දෙන්න පුළුවන් කියන එක කිසිසේත් කියන්න බැහැ. ඒක නීතියට පටහැනි දෙයක්. ඒකට විරුද්ධව ක්‍රියා කිරීමේ හැකියාව තියෙනවා. එවැනි තත්වයක් උද්ගත වෙලා තියෙනවා නම් පාරිභෝගිකයා කළ යුතු වන්නේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට දැනුම් දීලා ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන්න ඕනේ. එතකොට පාරිභෝගික අධිකාරිය ඒ ස්ථානයට ගිහිල්ලා ඒ පිලිබඳ සොයා බලා ඒ අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සහ එවැනි ආකාරයට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් ඔවුනට දැඩි ලෙස අවවාද කරලා කටයුතු කිරීමේ හැකියාව තියෙනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 05 November 2021 15:18