May 03, 2024

හැත්තෑව හැත්තෑ හත පෝලිම් යුගය දැන් මැවිලා පේනවා - විපක්ෂ නායක

හැත්තෑව හැත්තෑ හත පෝලිම් යුගය දැන් යළිත් මැවී පෙනෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා.

පෝලිම් වර්ග

ඒ මේ වන විට රටේ ඇතිව තිබෙන පෝලම් වර්ග කීපයක් ද පෙන්වා දෙමින්.

සීනි , හාල් , කිරි පිටි , ගෑස් , සිමෙන්ති පෝලිම් දැන් තිබෙන බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා හැට නම ලක්ෂයක ජනවරම ගත්තේ හැත්තෑව හැත්තෑ හත යුගය යළි නිර්මාණය කරන්නට දැයි ප්‍රශ්න කලා.

විපත් සංවර්ධනය

සංවෘත ආර්ථිකයක් යටතේ පෝලිම් ක්‍රමයක් යළි නිර්මාණය කොට මේ රටේ සමස්ත ලක්ෂ 220 ක ජනතාව දුප්පතුන් බවට පත් කිරීම සඳහා ද ඒ ජනවරම ලැබුණේ යැයිද විපක්ෂ නායකවරයා ප්‍රශ්න කලා.

මේ රටේ ජනතාවට ලබාදෙනවා යැයි කිවූ වියත් සංවර්ධනය කෝ යයි ප්‍රශ්න කළ විපක්ෂ නායකවරයා මං රටේ තිබෙන්නේ විපත් සංවර්ධනයක් බව පෙන්වා දුන්නා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 23 October 2021 10:32