May 21, 2024

විමල් හීලෑ වෙයි: ජනපතිගේ කතාවට හිත යයි

ඉකුත් 7 වැනි බ්‍රහස්පතින්දා විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්වුණා.

ඒ ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන්.

ජනපතිගේ දීර්ඝ කතාව

එහිදී ජනපතිවරයා දීර්ඝ කතාවක් කරමින් ආණ්ඩුවේ ගමන් මග පිළිබඳවත් , ඉදිරි ගමන් මග පිළිබඳවත් දීර්ඝ කතාවක් කර තිබෙනවා.

එහිදී නොසිතූ ආකාරයට පැමිණි කොවිඩ් වසංගතය මෙන්ම රට සාමාන්‍යකරණයට හැරීමෙන් පසු ආන්ඩුවේ පිරිස් භේද භින්න නොවී සාමූහිකව කටයුතු කළ යුතු ආකාරය ගැනත් අදහස් ප්‍රකාශ කර තිබෙනවා.

ඉන්පසුව අදහස් දක්වා තිබෙන්නේ බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා.

කැරලිකාර ඇමතිගේ පාපොච්චාරණය

ඊට පසු කැබිනට් මණ්ඩලය අමතා අදහස් ප්‍රකාශ කර තිබෙන්නේ ආන්ඩුවේ කැරලිකාර අමාත්‍යවරයෙකු ලෙස ප්‍රතිරූපයක් ගොඩ නගා ගෙන තිබෙන විමල් වීරවංශ මහතායි.

එහිදී වීරවංශ අමාත්‍යවරයා කර තිබෙන ප්‍රකාශය මෙසේයි.

ජනපතිතුමනි , අපෙනුත් වැරදි අඩුපාඩු වෙන්න ඇති.අපි ඒවා නිවැරදි කර ගමු.කොවිඩ් වසංගතය නිසා ඇති වූ තත්ත්වය තුළ අපි හැමෝම හිටියේ කලබලයෙන්."

"අපි හැමෝම සාමූහිකව මේ ගමන ගියොත් කිසි කෙනෙකුට අපිට කකුල් මාට්ටු දාන්න , අපේ කකුලෙන් අදින්න බැහැ.අපි හැමෝම හදපු ආණ්ඩුව මේක. ඒ නිසා අපි හැමෝටම වගකීමක් තියෙනවා මේ ආණ්ඩුව රැකගෙන ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න. අපි එක්ව ජයගමු."

වාසුගේ ප්‍රතිචාරය

වීරවංශ අමාත්‍යවරයාගේ අති මිත්‍ර කැබිනට් ඇමතිවරුන් දෙදෙනා වන උදය ගම්මන්පිල හා වාසුදේව නානයක්කාර අමාත්‍යවරුන් ඒ ගැන කිසිවක් ප්‍රකාශ කළ බවත් දැනගන්නට නැහැ.

එහෙත් වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා නම් ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා සමග අඩව්වක් ඇල්ලූ බව නම් වාර්තා වනවා.

Rate this item
(2 votes)
Last modified on Sunday, 10 October 2021 14:02