May 03, 2024

සජිත්ගේ ජලනි නෝනා කොළඹ හතේ නිවසක් බලෙන් අල්ලගෙන - හිමිකරු නඩු මගට

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ ජලනි ප්‍රේමදාස මහත්මිය බලාත්කාරයෙන් කොළඹ 7 පිහිටි නිවසක් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින බවට නඩුවක් ගොනු කර තිබෙනවා.

2007 වසරේ සිට බදු පදනම මත ජලනි ප්‍රේමදාස මහත්මිය 15A මේට්ලන්ඩ් පෙදෙස පිහිටි එම නිවස බද්දට ගෙන තිබුණු බව පවසන ගෙයි හිමිකරු මේ වන විට ඇය බදු මුදලද නොදෙන බවයි හෙළිදරව් කරන්නේ.

ඇමතිකම ලැබුණු පසු

එසේ තමාට ලැබිය යුතු හිඟ මුදල රුපියල් ලක්ෂ 35 වන බවයි නිවසේ හිමිකරු පවසන්නේ.

2015 වන තුරු බදු ගිවිසුම අලුත් කරමින් නිසියාකාරයෙන් බදු මුදල් ගෙවූ බවත් එහෙත් 2015 න් පසු බදු මුදල විටින් විට පැහැර හැරි බවයි හිමිකරු පවසන්නේ.

2015 පසු කාලය සජිත් ප්‍රේමදාස මහතා යහපාලන ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයකු ලෙස කටයුතු කළ කාලයයි.

මුදලට ගැනීම

2017 දී මේ නිවස සජිත් ප්‍රේමදාස මහතා මුදලට ඉල්ලූ බවත් ඒ අවස්ථාවට ෆොන්සේකා නැමැත්තෙකුද පැමිණි බවත් සඳහන් කරන නිවසේ හිමිකරු එම ෆොන්සේකාගෙ නමට නිවස ගන්නා ලෙස එහිදී සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළ බවත් හෙළිදරව් කරනවා.

ඉන්පසු වසර හතරකින් ඒ නිවස තමාගේ නමට හරවා ගන්නා බව එහිදී සජිත් ප්‍රේමදාස මහතා තමන් ඉදිරියේදී ප්‍රකාශ කළ බවයි නිවසේ හිමිකරු සඳහන් කරන්නේ.

ඔහු සඳහන් කරන ෆොන්සේකා යනු ප්‍රසිද්ධ කැසිනෝ හිමිකරුවෙකු ලෙස ප්‍රකට ලකී ෆොන්සේකා වන අතර ඔහු 2019 ජනපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ මුදල් බාරව සිටි තැනැත්තාය.

ඒ අනුව නිවස විකිණීමේ ගිවිසුමකට පැමිණි බවත් එදා සිට ජලනි ප්‍රේමදාස මහත්මිය සියලු බදු ගිවිසුම් කඩ කළ බව පෙන්වා දෙන ගෙහිමියා නිවසේ බදු ගිවිසුම අහෝසි කොට නිවස යළි ලබා ගැනීමට තමා අධිකරණයේ නඩුවක් පැවරීමට කටයුතු කරමින් සිටින බව සදහන් කරනවා.

තමාගේ බදු මුදල විටෙක හය මසකින්ද විටෙක වසරකින්ද ගෙවූ බව සඳහන් කරන ගෙහිමියා මේ සම්බන්ධයෙන් තමා සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දුන් බව අනාවරණය කරනවා.

සජිත්ගේ ප්‍රතිචාරය

එහිදී මේ ප්‍රශ්නය විසඳීමට තමාට සති දෙකක් ලබා දෙන ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටි මුත් එහෙත් ඉන්පසු ඔහුගෙන් ඒ සම්බන්ධයෙන් කිසිදු පණිවිඩයක් නොලැබුණු බවයි ගෙහිමියා සඳහන් කරන්නේ.

2020 දෙසැම්බර් මස අදාළ නිවස තමාට අවශ්‍ය බව ජලනි ප්‍රේමදාස මහත්මියට තමා නීතිඥවරුන් මාර්ගයෙන් දැනුම් දුන් අතර එහෙත් ඇය එම නිවස තමාට ලබා නොදී බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින බව ගෙහිමියා පවසනවා.

තමා නීතිඥවරුන් මාර්ගයෙන් යැවූ ලිපියට ප්‍රතිචාර දැක්වීමක් ඔහු ඒ සම්බන්ධයෙන් විමසීමට ගන්නා දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර දැක්වීමක් හෝ ජලනි ප්‍රේමදාස මහත්මිය නොකරන බව ඇයි මුණගැසුන විට තමාට වැඩ වැඩි බව පවසමින් මග හරින බවද ගෙහිමියා එළිදරව් කරනවා.

ඒ නිසා නිවසේ බදු ගිවිසුම අහෝසි කොට නිවස යළි ලබා ගැනීම සඳහා අධිකරණයේ නඩු පැවරීමට තමා කටයුතු කරමින් සිටින බවයි ගෙහිමියා වන නලින්ද මහතා සඳහන් කරන්නේ.

Rate this item
(3 votes)
Last modified on Friday, 08 October 2021 10:18