May 06, 2024

විපක්ෂ නායක නව සංවිධායකවරුන්ට දුන් අමුතුම පණිවිඩය

September 30, 2021

සාධාරණ විවේචන භාර ගැනීමට තමන් සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරනවා.

එහෙත් හිස් අවලාද පයට පෑගෙන දූවිල්ලක් සේවත් ගණන් නොගන්නා බවත් ඔහු අවධාරණය කරනවා.

ජනතාවාදී භූමිකාව

විපක්ෂයේ භූමිකාව ජනතාවාදී ලෙස නව ක්‍රමයකට ඉටුකිරීම ගැන බිය වූ ඇතැම් පාර්ශව කරන කියන දේ තම ගමනට බාධාවක් නොවන බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

සමගි ජන බලවේගයේද නායකයා වන සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය දේශපාලනය වෙනුවට දේශ සේවය කිරීමේ ව්‍යාපාරයක් ලෙසයි හඳුන්වා දෙන්නේ.

ජනතාවගේ සිතුම් පැතුම් අවබෝධ කරගෙන ඔවුන්ගේ ඒ අපේක්ෂාවන් ජයග්‍රහණය කිරීම වෙනුවෙන් කැපවීම සමගි ජන බලවේගයේ දර්ශනය ලෙස විපක්ෂ නායකවරයා හඳුන්වා දෙනවා.

ක්‍රියාවෙන්ම ඔප්පු කිරීම

එම දර්ශනය වචනයෙන් , ප්‍රතිඥා වලින් , ප්‍රතිපත්ති ප්‍රකාශන වලින් ඔප්පු කිරීමට පමණක් සීමා නොවී ක්‍රියාවෙන්ම ඔප්පු කිරීමට සමගි ජන බලවේගය කටයුතු කරන බවයි ඔහු අවධාරණය කරන්නේ.

සමගි ජන බලවේග ගමනේ අර්ථය දේශයට සේවය කිරීම බව විපක්ෂ නායකවරයා සඳහන් කරනවා.

සමගි ජන බලවේගය යන ගමනට හොඳම උදාහරණය ලෙස හුස්මක් වැඩ සටහන පෙන්වා දෙන බවයි පක්ෂ නායකවරයා සඳහන් කරන්නේ.

විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ සමගි ජන බලවේගය ආසන සංවිධායකවරුන්ට පත්වීම් ලබා දීමේ අවස්ථාවේදී.

එම පත්වීම් ලබා දීම සිදු වුයේ විපක්ෂ නායක කාර්යාලයේදී.

Rate this item
(0 votes)
Last modified on Thursday, 30 September 2021 12:16