May 06, 2024

රාජපක්ෂලාගේ නිජ භූමියේදී විපක්ෂ නායක ආණ්ඩුවට දුන් අභියෝගය

September 13, 2021

වහාම ජනමත විචාරණයක් පවත්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා.

තව දුරටත් රට බංකොලොත් නොකොට වහාම ඉල්ලා අස්වී ජනමත විචාරණයක් කැඳවන ලෙසටයි විපක්ෂනායකවරයා එම ඉල්ලීම කරන්නේ.

රාජපක්ෂවරුන්ගේ නිජභූමිය

විපක්ෂ නායකවරයා මේ ඉල්ලීම කරන ලද්දේ පාලක රාජපක්ෂවරුන්ගේ දේශපාලන නිජ භූමිය වන හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ප්‍රදේශයේදී වීම විශේෂත්වයක්.

"විපක්ෂයේ හුස්මක්" වැඩසටහන යටතේ තිස්සමහාරාම මූලික රෝහලට අවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් එම ඉල්ලීම කළ විපක්ෂ නායකවරයා ඊට බලපෑ හේතුවද පෙන්වා දී තිබෙනවා.

ආන්ඩුවේ නොහැකියාව

ඒ ආණ්ඩුවේ වැරදි මූල්‍ය කලමනාකාරණය හේතුවෙන් ණය සහ පොලිය ගෙවීමට නොහැකිව රට මේ වන විට බංකොලොත් වී තිබීමයි.

ඉන් රට ගොඩනගන්නට වර්තමාන ආණ්ඩුවට කිසිදු හැකියාවක් නොමැති බව විපක්ෂ නායකවරයාගේ මතය වනවා.

විපක්ෂයේ හැකියාව

රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා විශේෂඥ දැනුම ඇති කණ්ඩායමක් තමන් නායකත්වය දෙන සමගි ජන බලවේගය සමග සිටින බව විපක්ෂය නායකවරයා හෙළි කරනවා.

ඒ පිරිස සමග රටට ශක්තිමත් මූල්‍ය පාලනයක් ලබාදෙමින් රට වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීමට තම පාලනයක් යටතේ හැකි බවයි විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 12 September 2021 23:05