May 15, 2024

බඩු මිල ගැන බන්දුලගේ ප්‍රතිචාර - මේ වෙලාවේ ඒ දෙකම කරන්න බැහැ

රටක් වසා දමා තිබෙන වේලාවක බඩු මිල පාලනය කිරීම අසීරු බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරන්නේ.

අමාත්‍යවරයා මේ බැව් සඳහන් කළේ දිනෙන් දිනම ඉහළ යන අත්‍යවශ්‍ය ආහාර ඇතුළු බඩු මිල සම්බන්ධයෙන් ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමින්.

නඩු පැවරීම

එමෙන්ම වැඩි මිලට බඩු විකුණන වෙළෙන්දන්ට එරෙහිව මේ අවස්ථාවේ නඩු පැවරීමට නොහැකි බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

අමාත්‍යවරයා ඒ බැව් සඳහන් කළේ අසාධාරණ මිල ගණන් වලට ආහාර ද්‍රව්‍ය විකුනන වෙළෙඳුන්ට එරෙහිව ක්‍රියා මාර්ග ගැනීමට අවශ්‍ය අණ පනත් පාර්ලිමේන්තුවේ සම්මත වී නොමැති බවට පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා කළ ප්‍රකාශයට පිළිතුරු ලෙසයි.

ඉදිරි සතිය ගැන අනාවැකිය

එහෙත් ලබන සතිය පමණ වන විට මේ ප්‍රශ්නය යම්තාක් දුරකට සමනය වි ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් අඩු වනු ඇති බවත් ගුණවර්ධන මහතා සඳහන් කරනවා.

මේ වන විට සීනි ඉතිහාසයේ කිසි දිනෙක නොවූ දරුණු ලෙස ඉහළ ගොස් ඇති අතර පරිප්පු , ලූණු  අල , හාල් මැස්සෝ ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසකද මිල ඉහළ ගිහින්.

Rate this item
(0 votes)
Last modified on Friday, 27 August 2021 14:59