බෙංගාල බොක්කේ සිදු වූ භූ චලනය සම්බන්ධයෙන් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අදාළ නිවේදනයේ දැක්වෙන්නේ මෙම භූ චලනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව යි.
මෙම භූ චලනය මැග්නිට්යුඩ් 5.1ක ප්‍රබලත්වයකින් යුතු වූවා.
ශ්‍රී ලංකාවට උතුරු දිග මුහුදේ මෙය සිදු වූ අතර එහි අපිකේන්ද්‍රය යාපනය නගරයට කිලෝමීටර 610ක් පමණ දුරින් ස්ථානගත වී තිබුණා.
එමෙන්ම මෙය කිලෝමීටර 10ක් පමණ ගැඹුරින් සිදුව ඇති බව සඳහන්.
අදාළ නිවේදනය පහතින්...