May 04, 2024

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ චලනයකින් පසු සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරයි

December 14, 2021

ඉන්දුනීසියාවේ ඉතා ප්‍රබල භූ චලනයක් හටගෙන තිබෙනවා.

එරටින් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ එහි ප්‍රබලත්වය මැග්නිටියුඩ් 7.3ක්  බව යි.

දැනට ලැබෙන පුවත් වාර්තා සඳහන් කරන්නේ එරට නැගෙනහිරදිග ප්‍රදේශය මෙම භූ චලනයේ බලපෑමට ලක්ව ඇති බව යි.

භූ චලනයත් සමග සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පියවර ගෙන තිබෙනවා.

කිලෝමීටර 1000ක් දුරට අනතුරු ඇඟවීම්

මෙම භූ චලනයත් සමග සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පියවර ගෙන තිබෙනවා.

එම මධ්‍යස්ථානය සඳහන් කළේ භූ කම්පනයේ අපිකේන්ද්‍රයේ සිට කිලෝමීටර 1000ක පමණ දුරින් පිහිටි ප්‍රදේශ දක්වා සුනාමි බලපෑම සිදුවිය හැකි බවට යි.

එමෙන්ම භූ කම්පනය සිදුවූ ස්ථානය අවට පිහිටි ගොඩබිම් ප්‍රදේශවල නාය යෑමේ අනතුරු පවා සිදුවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

මුහුදු පතුළ සෙළවෙයි

මේවන විට අනාවරණය වී ඇත්තේ නැගෙනහිර ඉන්දුනීසියානු නගරයක්වන “මාවුමේර්” සිට කිලෝමීටර 100ක් පමණ උතුරින් වූ මුහුදෙහි මෙම භූ කම්පනය හටගෙන ඇති බවට යි.

මුහුදු පතුලෙහි කිලෝමීටර 18.5ක පමණ ගැඹුරින් යුතු ස්ථානයක මෙම චලනය සිදුව ඇති බව එක්සත් ජනපද භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පවසනවා.

මේ අතර මෙම භූ කම්පනයේ පසු කම්පනයක් ද සිදුවී තිබෙනවා.

අංශක 5.6ක ප්‍රබලත්වයෙන් යුතු එය සිදුව ඇත්තේ ඉන්දුනීසියාවේ “ලරන්ටුකා” නගරය ආශ්‍රිතව යි.

ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කරන්නේ භූ චලනයෙන් සිදුවූ හානි පිළිබඳව තවමත් නිසි තොරතුරු අනාවරණය වී නොමැති බව යි.

කියවන්න: ඉන්දුනීසියා භූ චලනය ගැන මෙරට භූ විද්‍යා කාර්යංශයෙන් ප්‍රකාශයක්

Rate this item
(3 votes)
Last modified on Tuesday, 14 December 2021 10:45